අම්මලාගේ අවදානය පිණිසයි

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිඟිත්තන් අතර මේ රෝගය වේගයෙන් පැතිරෙමින් පවතිනවා.උන සහ උගුරේ වේදනාව සමග ආරම්භ වන මේ රෝගය පසුව ශරීරය පුරා කුඩා දියපොක්කලම් වලින් සැදුනු කුෂ්ඨ රෝගයකින් කෙලවර වෙනවා.විශේෂයෙන් කූෂ්ඨය කටේ ,අල්ලේ ,යටි පතුලේ ,දනහිසෙ , තට්ටම් වල සහ වැලමිට ආදී ස්තානවල වැඩිපුර දකින්නට පුලුවන් මේ රෝගය ඇතිකරන්නේ විවිධ වෛරස වර්ග වලින්.ඉන් ප්‍රධාන වන්නේ, coxsackievirus A16 සහ Enterovirus 71 නමැති වෛරස් වර්ග දෙකයි.coxsackievirus A16 මගින් ඇතිවන රෝගය උන සහ කුෂ්ඨ තත්ත්වය පමණක් ඇති සුලු රෝග තත්වයක් වුනත් Enterovirus 71 මගින් ඇති කරන රෝගය මෙනින්ජයිටිස් සහ එන්කෙෆලයිටිස් වැනි සංකූලතා ඇතිකිරීමට ඉඩ තියෙනවා .ලංකාවෙ මේ දිනවල පැතිරයන රෝගය බොහෝවිට ඉහත සුලු රෝග තත්වය වෙන්නට ඉඩ තිබෙනවා.මේ සම්බන්ධව වසංගත විද්‍යා අංශ වාර්තාවක් නම් තාම කියවන්න ලැබුනේ නැහැ.මේ රෝගය පැතිරෙන්නේ බොහෝවිට ඉතා කුඩා දරුවන් අතරයි.අවුරුදු 5 ට අඩු දරුවන් කිව්වොත් නිවැරැදියි .ඒත් කලාතුරකින් ලොකු දරුවන් සහ වැඩිහිටියන් අතරත් දක්නට පුලුවන් .

මෙය පැතිරීම සිදුවන්නේ රෝගියෙකුගෙ කෙල ,බ්ඳිති, කුෂ්ඨ ස්‍රාව වලින්.රෝගියෙකු ලඟ සිටීමෙන් ,ස්පර්ශ කිරීමෙන් භාන්ඩ එකට පරිහරණය කිරීමෙන්ද මෙය පැතිරෙනවා.විශේෂයෙන්ම අපිරිසිදු අත් වලින් මෙය බෝවෙනව.රෝගය වැළඳිලා මුල් සතියක් පුරා රෝගියෙකුගෙන් තව කෙනෙකුට රෝගය බෝවෙන්න පුලුවන් .මේ රෝගයට විශේෂ ප්‍රතිකාර හෝ එන්නත් දැනට නැහැ.එහෙත් වේදනාව උගුරේ අපහසුතා , උන සමනය කිරීමට යම් යම් ඖෂධ භාවිතා කරන්න පුලුවන් .රෝගීන් විවේකයෙන් සිටීම හොඳින් දියර බීම සහ ආහාර ගැනීම වැදගත් .රෝගය පැතිරීම වලක්වන්නෙ කොහොමද ?1. රෝගීන් අනෙක් දරුවන්ගෙන් ඈත් කොට තැබීම. විශේෂයෙන්ම හොඳින් සුවවන තුරු ඔබේ දරුව පෙරපාසල් හෝ පාසල් නොයවන්න.2.රෝගීන් පරිහරණය කරන තුවා,කෝප්ප,හැඳි වැනිදේ නිරෝගී දරුවන් වෙනුවෙන් භාවිතා නොකරන්න.3.පොලට ,රෝහලට ,පාසලට හෝ බසයේ ගියවිට දරුවාව ඇල්ලීමට පෙර හොඳින් සබන් යොදා අත්පා සෝදාගන්න.මක්නිසාද ඔබේ අත්වල මේ වෛරස තැවරී තියෙන්න පුලුවන් නිසාඅධික උන වමනය හෝ කුෂ්ඨ තත්ත්වය ඉතා උඝ්‍ර ලෙස ඇත්නම් ලඟම රෝහලට ගොස් වෛද්‍යවරයකු හමුව අවශ්‍ය උපදෙස් ගන්න.මෙය දැනුවත් කිරීමට ඔබත් සහයෝගය වශයෙන් share කරන්න – උපුටා ගැනීමකි

කාලයක් ජීවත් වීමේ රහස් මේවායි

ජීවත්වෙන කාලසීමාව හෙවත් උපතේදි ආයු අපේක්ෂාව ජපාන රටේ 83.9ක්. එනම් සාමාන්‍ය ජපාන මිනිසෙක් අවුරුදු 84ක් තරම් දිගු කාලයක් ජීවත් වෙනවා. මෙය ලංකාවේ අවුරුදු 76.9ක්. ලෝකයේම අගය අවුරුදු 71ක්. වැඩිම කලක් ජීවත් වෙන මිනිස්සු අතර ජපනා හැම තැනදීම මුල් ස්ථානයක ඉන්නවා.1. යහපත් ලෙස ආහාර ගැනීම – ජපනා ආහාර ගන්නේ පෝෂ​ණය ගැලපෙන විදියට. ආහාර සැකසීම, ආහාර ගැනීම ගැන ජපාන පාසල් වල පුංචි කාලේ ඉ​ඳලාම කියා දෙනවා. ජපන් රටේදි සෝයා බෝංචි, මුහුදු මාලු, මුහුදු ආහාර, එ​ළවලු වගේ පෝ​ෂ ගු​ණය සපිරි ආහාර ඒ අය කෑම වේලට එකතු කරගන්නවා. ජපාන රටේ පිළිගන්වන ආහාර ප්‍රමාණයත් ටිකයි. ගොඩක් කොත ගහලා මෙහෙ වගේ බත් බෙදන්​නෙ නැහැ. ජපනාත් බත් කනවා. ඒත් ටිකෙන් ටික කූරු වලින් තමයි ජපනා බත් කන්නේ. ආහාරයට ගන්නා දේවල් වගේම ආහාර ගන්න රටාවත් ජපනාගේ ජීවිත කාලය වැඩිවෙන්න හේතු වෙනවා.

2. ව්‍යායාම ලැබෙන පරිදි ජීවන රටාව හැඩගස්වාගැනීම – ජපන් කාර් වලට, වාහන වලට නම් ලංකාවේ පුදුම ඉඩක් තියෙන්නේ. ඒ වුනාට ජපනා ගොඩක් වෙලාවට කැමති බස් එකේ, කෝච්චියේ, මෙට්‍රො එකේ වැඩට යන්න. එතනින් ගිහින් බැහැලා ගෙදරට වැඩට පයින්ම යනවා. එහෙම නැතිනම් පාගන ජපන් බයිසිකලෙන් කිලෝමීටර හතර පහ වැඩට හෝ පාසැලට යන්න කම්මැලි නැති ජපනා හුරුවෙලා තියෙනවා. ඒ වගේම කාර්යාලයක තට්ටු දෙකක් වගේ පඩි තියෙනවා නම් ආයේ ලිෆ්ට් එකට නොයා පයින්ම ඒ දුර ගෙවායන්නත් ජපනා ඉදිරිපත් වෙනවාලු. තාක්ෂණය දියුණු වුනත් ජපනුන් ඔවුන්ගේ ජීවන රටාව ව්‍යායාම ලැබෙන විදියට සකසාගෙන තියෙනවා.

3. කාර්යයන් බහුල කරගැනීම – වැඩක් නැති දවසක් කියන්නේ අපිට නම් හො​ඳට නිදාගන්න, දවසම ටීවි බලන්න හෝ ගේම් එකක් ගහන්න වගේ වැඩකට යොදන්න පුළුවන් දවසක් කියලා හිතෙන්නේ. ඒත් ජපනා නිවාඩු දවසත් හො​ඳට ප්ලෑන් කරනවා. නිකංම ඉන්න කැමති නැති ජපන්නු සතියකට වැඩ කරන පැය ගා​ණත් වැඩියි. කොච්චර වැඩිද කියනවානම් ජපන්නුන්ට සමහර දවස් අනිවාර්ය නිවාඩු විදියට නම් කරලා ඒ කාලේ වෙනත් වැඩ කරන්න කියලා කොම්පැනි වලින් ගෙදර එලවන වෙලාවලුත් තියෙනවාලු.

4. මො​ළයට වැදගත් ව්‍යායාම – ව්‍යායාම ඕනි ඇඟට විතරක් නෙමෙයි. මො​ළයටත් ව්‍යායාම ඕනි. ජපානේ වයසක අයත් තරුණ වයසේ අය කරන කාඩ් සෙල්ලම් සුදෝකු වගේ සෙල්ලම් කරනවා. ඒ වගේම පොත පත කියවීම​ට වගේම අලුතින් දේවල් ඉගනගන්නත් ජපනා වයස බාධාවක් කරගන්නේ නැහැ. වැඩිම කාලයක් ගෙවන ජපාන ජාතිකයින් සැලකුවාම ඔවුන්ට ඇ​ඟට වගේම මො​ළයටත් ඒ ජීවන රටාවෙන්ම හො​ඳ ව්‍යායාම ලැබිලා තියෙනවා කියලා පේනවා. මො​ළය කියන්නේ එහෙම නිසි ව්‍යායාම ඕනිය කියලා කියන්න පුළුවන් තැනකුත් නෙමෙයි. ඒත් අහක යන කරදර ආදිය, පවුල් අ​ඬදබර වරු ග​ණන් මෙනෙහි කර කර ඉන්නවාට වඩා මොනාහරි ගේම් එකක නිරත වෙන එකත් ලොකු දෙයක් නෙ.

5. හො​ඳ පවුල් පසුබිම – අපේ ගෙවල්ව​ල ඉස්සර කොහොමද? කුඩාම දරුවන්ට අම්මලා තාත්තලාට වඩා ආච්චිලා සීයලා සමීපයි. වයසට ගියත් ඒ අය සමාජෙන් කොන් වෙන් නැහැ. නිතර දරු මුණුබුරන් ඇවිල්ලා බලලා යනවා. ඒ වගේම වයස අයටත් වගකීම් ලැබෙනවා. එයාල තනිවෙලා කොහෙටහරි වෙලා නිකං හිටි​යේ නැහැ. ජපානෙත් නාගරිකව ඇරුනාම ගම්බද පළාත්වල ඉන්න වැඩිහිටියන් ඒ පවුලේ අයත් එක්ක හො​ඳට බැඳීම් තියාගෙන ඉන්නවා. ලෙඩට දුකට බලනවා. කට්ටියම එකතු වෙලා උත්සව සමරනවා. මානසික අතින් ගත්තොත් වැටුන වෙලාවට ගොඩ එන්න මේ පවුල් පසුබිම හො​ඳ පිටුවහලක් වෙනවා.

6. ජපානයේ සෞඛ්‍ය සේවාව – අපේ රටේ මාතෘ මරණ සංඛ්‍යාව ගොඩක් දුරට අඩු කරන්න අපේ රටේ තියෙන ප්‍රබල සෞ​ඛය සේවාව දායක වුනා. ජපාන රටේත් හොඳ සෞඛ්‍ය සේවාවක් තියෙනවා. සෞඛ්‍ය රක්ෂ​ණ සේවාවනුත් හො​ඳටම ක්‍රියාත්මක වෙනවා. යම් සේවකයෙක් සේවය කරද්දි ඒ සේවය සමාගමටයි ලෙඩ වුනාම ගෙදර අයටයි පටවන මෙහෙ වගේ දේවල් එහෙ නැතුව ඇති. ඒ රටේ දුප්පත් ජනතාවගෙන් සියයට 90කටම නොමිලේ සෞඛ්‍ය සේවා සැපයු​ම ජපාන රටේදි ලැබෙනවා. ප්‍රබල සෞඛ්‍ය සේවාව මහජනයා ගොඩාක් කල් ජීවත්වෙන්න හේතුවක් විදියට ස​ඳහන් වෙනවා.

7. පිරිසිදුකම – අපිරිසිදු වටපිටාවක් කියන්නේ ලෙඩරෝග බැක්ටීරියාවන්ට හො​ඳ තෝතැන්නක්. ජපානයේ පාසැල් වල පොඩිකාලේ ඉ​ඳලාම මහජන සෞඛ්‍යය ගැන උගන්වනවා විතරක් නෙමෙයි, කාණු සුද්දකරගන්න, වැසිකිළි පිරිසිදු කරගන්නත් ප්‍රායෝගිකව කියාදෙනවා. ජපානයේ නගරයක වීදියක් වුනත් අපේ බාසාවෙන් කිව්වොත් “පාරෙ බත් දාගෙන කන්න” තරමට පිරිසිදුවට තියෙනවා. පිළිවෙලකට පිරිසිදුවට වැඩ කිරීම නිසා කසල ආදිය නිසා පැතිරෙන ලෙඩරෝග ආදියෙන් ගැලවෙන්න ජපනාට පුළුවන් වෙලා තියෙනවා.ජපාන ආහාර රටාව ගත්තාම දූපත් රටක් නිසා ඒ අයටත් අපිට වගේම මුහුදු මාලු, මුහුදු කෑම ලැබෙනවා. ඒත් ජපානයේ අය ආහාර පිළියෙල කරන විදියට ඒවායේ පෝෂ​ණ ගුණය වඩාත් ආරක්ෂා වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ජපානයෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. අපිට ඔක්කෝම දේවල් ආදර්ශයට ගන්න බැරිවුනත් මේ දේවලින් කිහිපයක් හෝ අපේ ජීවිත වලට එකතු කරගන්න හැකි වුනොත් අපිටත් සෙන්චරියකට කිට්ටු වෙන්න ජීවත් වෙන එක ගේමක් නැතිවේවි.

සෙම්ප්‍රතිශ්‍යාව, නියුමෝනියාව දක්වා යන හැටි

උණ සෙම්ප්‍රතිශ්‍යාව නොසෑදුණ කෙනෙකු නැත. මේ වන විට කී වතාවක් නම් අපි උණෙන් සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩා විඳ ඇත්ද? බොහෝ විට එය වැඩි කරදරයක් නොකර ඉබේම සුව වී ගියද තවත් විටෙක එසේ නොවේ. අප බලා‍පොරොත්තු වන ඉක්මනට සුවය ගෙන නොදී බොහෝ පීඩා පමුණුවමින් දිගින්දිගටම ප්‍රතිකාර ගන්නට සිදුවන තැනට පවා මේ සුළු සෙම්ප්‍රතිශ්‍යාව පත්වන අවස්ථා තිබේ. සෙම්ප්‍රතිශ්‍යාවක් එතරම් බරපතළ තත්ත්වයට පත් වන්නේ කෙසේදැයි අද අපි විමසා බලමු.සෙම හටගත් විටදී ඉන් පීඩාවට පත්වන්නේ පපුවයි. හුස්ම ගැනීම සහ පිට කිරීම යනු අප අවට ඇති වාතය නාස් පුඩු තුළින් ඇද පපුව තුළට ගැනීමත් එහි ඇති වාතය නැවත පිටකර හැරීමත්ය.එලෙස නාසයෙන් ඇද ගන්නා වාතය උගුර හරහා කෙළින්ම පැමිණෙන්නේ පපුවටයි. පපුව සහ බඩ ඉදිරියට නෙරා එන්නේ එවිටය. අපේ පපුවත් බඩත් වෙන් කරන මායිම කුඩයක් ආකාර ගනී. කුඩය වැනි වූ කොටස මාංශපේශීන් මගින් පහළට අදින විට ඉන් පහළට ඇති සියල්ල තව තවත් පහළට තල්ලු වී යයි. බඩ ප්‍රදේශය ඉදිරියට නෙරා එන්නේ ඒ තල්ලුව නිසාය.කුඩය වැනි කොටස හකුලන විට නැතිනම් මාංශපේශීන්ගේ ඇදීම අත්හල විට ඊට ඉහළින් ඇති පපුව තෙරපී පපුවේ ඇති වාතය ඉවතට ඇදෙයි. එවිට බඩේ ඇති සියල්ල ඉහළට තල්ලු වී යන අතර හුස්ම පිටකරන විට බඩ ඇතුළට යනවාසේ පෙනෙන්නේ එනිසාය. හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා පපුවත් බඩත් එකවිට ඉහළ පහළ යන්නේ මේ ක්‍රියාවලිය හේතුවෙනි.මේ ආකාරයට පපුව තුළට ඇද ගන්නා වාතය පපුව දෙපස ඇති ලොකු කාමර දෙකක් වෙන ගමන් කරයි. එම කාමර ස්‍පොන්ච් ආකාරයේ කොටස් වලින් පිරී පවති. වම් පස ස්‍පොන්ච් කැබලි දෙකකින්ද දකුණු පස ස්‍පොන්ච් කොටස් තුනකින්ද පෙණහලු සමන්විතයි. හැකිලෙන්නට දිග හැරෙන්නට හැකි මෙම ස්‍පොන්ච් කොටසක් කුඩා සබන් බුබුළු ආකාරයේ බුබුළු ලක්ෂ 6000කින් යුතු බව සොයාගෙන තිබේ. ස්‍පොන්ච් කොටස හැකිලෙන විට මේ සියලු බුබුළු එකවර හැකිලී යන අතර නැවත දිග හැරෙන විට ඒවා සියල්ල නැවත විවර වේ. ස්‍පොන්ච් වැනි මේ සියල්ල එකට ගත් කල අපි ඒවා පෙණහලු ලෙස හඳුන්වමු.උගුරෙන් පහළට වාතය ගමන් කරන්නේ ඇඟිල්ලක් පමණ පළල බටයක් තුළිනි. එම තනි බටය පපුවට ඇතුළුවන විටම දෙකට බෙදී දෙපසට විහිදි යමින් නැවත තවත් කුඩා කුඩා බට ගණනාවකටම බෙදී යයි. ඒවා ගසක අතු ආකාරයට බෙදි ගියද ලක්ෂ සංඛ්‍යාත නාල සමූහයකි. ඒ සෑම සියුම් බටයක්ම අවසන් වන්නේ අප මුලින් සඳහන් කළ ඉතා සියුම් කුහරයක් තුළට ඇතුළු වීමෙන්ය. අප ගන්නා හුස්ම මේ සියලු බට තුළින් ගමන් කර සූක්ෂම කුහර සියල්ලටම එක වර ඇතුළු වේ. යම් තෙතමනයක් සහිත මෙම කුහර තුළදී පපුව තුළට ගත් ඔක්සිජන් දියවී එහි ඇති පටලය තුළින් ඒ ආසන්නයේම ඇති සියුම් නහරයකට ඇතුළුවේ. පෙණහලු තුළින් ‍ලේ ගමනාගමනය සිදුවන විටදී මේ සෑම කුහරයක් විසින්ම ‍ලේ වලට ඔක්සිජන් වාතය මුදාහරිනු ලබයි.

සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුන අයෙකු එක් කිවිසුමක් බැහැර කරන විටදී සෙම, සොටු, කෙළ බිඳිති සමග විෂබිජ සහ වෛරස් අති විශාල ප්‍රමාණයක් අවට පරිසරයේ වාතයට එකතු කරයි. එවැනි නොයෙක් ආකාරයන්ගෙන් අපට නොපෙනෙන බැක්ටීරියා වෛරස් විශාල වශයෙන් අපි ගන්නා හුස්ම ‍පොදට එකතු වේ. එලෙස ශරීරයට ඇතුළු වන වෛරස්, බැක්ටීරියා ශ්වසන මාර්ගයේ බිත්තිවල තැන්පත් වූ වහාම අපේ ශරීරයේ ඇති ඉතා කුඩා ෙසෙල විවිධ උපක්‍රම යොදමින් ඒවා පලවාහැරීමේ සටනකට අවතීර්ණ වේ.සෙම්ප්‍රතිශ්‍යාවට ඖෂධ වැටුණත් නැතත් දින කිහිපයකින් රෝගය සුව වී යන්නේ මේ සටනේදී ශරීරය ජය ගැනීම නිසාය. අපේ ශරීරයට එවන් හැකියාවක් තිබුණද වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයක පවා මෙහිදී කළ හැකි වැඩි යමක් නැත.නාසයෙන් දියර ගලමින් ඇඟපත රිදුම් දෙමින් හුස්ම මාර්ගය ඉදිමෙන්නට පටන් ගන්නේ වෛරස් විෂබිජ වලට එරෙහි මෙම සටන ආරම්භ වීමත් සමගය. හුස්ම මාර්ගය ඉදිමීමත් සමග වාතයට ගමන් කරන්නට ඇති මාර්ගය අවහිර වීම නිසා හුස්ම ගැනීමේ අපහසුව සමග පපුවෙන් විවිධ ශබ්ද ඇතිවිය හැකිය. හුස්ම මාර්ගයේ උනන දියර බැහැර කිරීමට කැස්ස කිවිසුම් යෑම හට ගනී.රටක යුද්ධයක් පවතින විට ඒ රටේ කිසිදු දියුණුවක් නැති ආකාරයට ශරීර අභ්‍යන්තරයේ මෙවැනි සටනක් පවතින විට ඉතා හොඳින් සිටි අයෙකු පවා දිනෙන් දෙකෙන් රෝගියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරයි. මෙම සටනේදී ශරීරය විසින් වෛරස් විනාශකර දමන තරමටම රෝගියාද දැඩි පීඩාවකට පත්වේ. උණ, හිසරදය, වමනය, ආහාර අරුචිය වැනි අපහසුතාවයන්ට බොහෝ විට රෝගියා මුහුණ දෙයි.එහෙත් අප මුලින් සඳහන් කළ දියර රෝගියා කහින විටදී ඉතා සිහින් නාල තුළින් පිටකර ගන්නට නොහැකි වුවහොත් පෙණහැල්‍ලේ ඇති ස්‍පොන්ච් වැනි කොටස පුරා පැතිර යන්නට පටන් ගනී. එවිට පෙණහැල්ලෙන් කොටසක් සෙම සහ සැරව වලින් සම්පූර්ණයෙන්ම පිරී යෑම සිදුවේ. අප නියුමෝනියාව ලෙස හඳුන්වන්නේ මෙම තත්ත්වයයි.සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝගී තත්ත්වයකින් ඇරඹී එය නියුමෝනියාව වැනි බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වන්නට බලපාන හේතු මොනවාදැයි දැන් අපි විමසා බලමු. රෝග කාරක බැක්ටීරියාවේ ඇති ප්‍රබලත්වය බොහෝවිට මෙවැනි තත්ත්වයක් ඇතිකරවිය හැකියි. ඒ සඳහා දෙනු ලබන ප්‍රතිජීවක ඖෂධ දුර්වල නම් එවිටද බැක්ටීරියා බලසම්පන්න වී රෝගී තත්ත්වය වර්ධනය විය හැකිය.ඊට අමතරව රෝගියාගේ ශරීරය දුර්වලනම් දියවැඩියාව හෝ වෙනත් නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නේ නම් සහ රෝගී තත්ත්වය පිළිබඳව රෝගියා සැලකිලිමත් නොවූයේ නම් නියුමෝනියා තත්ත්වයක් දක්වා රෝගය උත්සන්න විය හැකිය.

සෙම්ප්‍රතිශ්‍යාව පවතින විටදී නෑම නියුමෝනියාවට හේතු වන බව වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු වී නැති වුවද නියුමෝනියාව වැලඳුන සෑම රෝගියෙකුගෙන්ම පාහේ කරන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් සෙම්ප්‍රතිශ්‍යාව පවතින විට නෑම, වැස්සට තෙමීම පිළිබඳව පවසා තිබේ.මෙවැනි නියුමෝනියා තත්ත්වයක් එක්ස් කිරණ ඡායාරූපයක සුදු පැහැ ගුලියක් ආකාරයට ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි. මෙලෙස පෙණහලු ආක්‍රමණය කරන විෂබිජ එතැනින් නොනැවතී විවිධ වූ විෂද්‍රව්‍ය දිගින් දිගටම පිට කරද්දි ශරීරය අන්ත අසරණ තත්ත්වයට පත්වේ. විෂබිජ ‍ලේ වලටද එකතු වූ විට ‍ලේ ගමන අඩාල වේ. සමහර විට යාබද පෙණහලු කොටස් වලටද විෂබිජ පැතිර යන අවස්ථා තිබේ. එවිට රෝගියා තව තවත් අසාධ්‍ය තත්ත්වයට පත්වේ.මෙවැනි අවස්ථාවකදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නම් කුමන විෂබිජ වර්ගය ශරීරගත වී තිබේද යන්නත් ඒවා බලහීන කරවිය හැකි ප්‍රතිජීවක ඖෂධය කුමක්ද යන්නත් හඳුනා ගැනීම වෛද්‍යවරයාගේ දක්ෂතාවයයි. රෝහල් ගත කර දින ගණනාවක් ප්‍රතිජීවක ඖෂධය රුධිර ගත කරන විටදී සුව අතට හැරෙන්නට බොහෝ විට රෝගියාට හැකියාව තිබේ.ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග – විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා – අවධාරණය කරයි

මේ ගැන දැනුවත් කරමු

ජීවිතයත් මරණයත් අතර පොර බදන පිළිකා රෝගීන් ලොව ඕනෑ තරම්ය. දිනක් හෝ ජීවත් වීමට පිළිකා රෝගීන් සිදු නොකරන බෙහෙතක් නොමැති තරම්ය. එහෙත් අවසානයේ සිදුවන්නේ පිළිකා රෝගය උත්සන්න වී මියයෑම බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් අප ඔබට මේ ලියන්නට යන්නේ පිළිකා රෝගීන්ට ඉතා සතුටුදායක පුවතකි.මෙතෙක් කලක් ලොව පුරා සිටින පිළිකා රෝගීන් නිට්ටාවට සුව කරවීමේ ක්‍රමවේදයක් පිළිබඳව අප අසා නොසිටියෙමු. පිළිකා රෝගියකු වෙනුවෙන් තිබුණේ විවිධ ඔෟෂධ වර්ග ලබාදී රෝගය තරමක් හෝ පාලනය කරමින් රෝගියා දිනක් හෝ ජීවත් කරවීමට අවස්ථාව ලබාදීම පමණක් බව අප හොඳාකාරවම දනිමු. මෙවන් පරිසරයක් තුළ දේශීය වෛද්‍ය විද්‍යාව තුළින් පිළිකාව නිට්ටාවට සුව කළ හැකි බව අද වනවිට ඔප්පු කර තිබේ.මෙම අපූරු හපන්කම සිදුකිරීමට සමත් වී ඇත්තේ පාරම්පරික වෙද මහතකු වීමද විශේෂත්වයකි. අප ලද මෙම තොරතුරු මත මෙම වෙද මැඳුර සොයා තිස්සමහාරාමය මාගම ප්‍රදේශයට ගියේ මේ අරුම පුදුම වෙද මහතා සොයාගෙනය. අප එහි යන විටත් සුවය ලද පිළිකා රෝගීන් කිහිපදෙනකුම වෙද මහතා හමුවට පැමිණ සිටියේ සිය පවුල් පිටින්මය. මේ පුවත ඇතැම් විට ඔබටද එකවර පිළිගැනීමට අපහසු වනු නොඅනුමානය. එහෙත් සත්‍ය කතාවකි.

තිස්සමහාරාම නගරයේ සිට මාගම පාරේ කිලෝමීටර් 05ක් පමණ ගිය තැන හමුවන ආසිරි මාවතින් හැරී ගිය පසු මෙම අපූරු වෙද මහතාගේ නිවෙස අපට හමුවිය. නිවෙස ඉදිරිපිට බිත්තියේ “මිණිකිරණ වෙද මැඳුර” ලෙස සටහන් කර තිබිණි. පිළිකා රෝගය වැලඳී මරණයට කැප වන මිනිසුන්ට ජීවය දෙන මේ අපූරු වෙද මහතා නමින් සාමවිනිසුරු සිසිර ගමගේය. කවුරුත් දන්නේ තිස්සමහාරාමයේ වෙද මහතා කියු සැණින්ය. ඔහු පාරම්පරික සර්ප වෙද මහතකු වූ ඊ.කේ.ජී. ගුණසේකර මහතාගේ මහතාගේ පුතණුවන්ය.පියාගේ අභාවයෙන් පසු වෙදකම අතට ගත් මේ වෙද මහතා සිය පාරම්පරික වෙදකම දිගටම සිදු කරගෙන විත් තිබිණි. සිය පියා මිය යන්නට පෙර සිසිර ගමගේ වෙද මහතාට විශේෂ බෙහෙත් වට්ටෝරුවක් පිළිබඳව ඔහුට කියා දී තිබේ. ඒ පිළිකාව සහමුලින්ම නැති කර දැමිය හැකි බෙහෙත් වට්ටෝරුවකි.සිසිර ගමගේ වෙද මහතා වසර 07කට ආසන්න කාලයක් සිය පියාගේ මෙම බෙහෙත් වට්ටෝරුව පිළිබඳව අධ්‍යයනයකින් පසු පිළිකා රෝගීන්ට වෙදකම් කිරීම ආරම්භ කර තිබේ. අද වනවිට එය ඉතා සාර්ථක වී තිබේ. සුව අතට පත්ව ඇති පිළිකා රෝගීන් දෙස බැලූ විට එය අපටද තහවුරු විය. මරණය පෙනි පෙනී වෙද මහතා අසලට පැමිණ ඇති රෝගීන් අද ඉතා සතුටින් සිටින අයුරු අපටද දැක ගත හැකි විය.මේ අරුම පුදුම වෙදකම සම්බන්ධයෙන් අපට සිසිර ගමගේ වෙද මහතා පැවැසුවේ මෙවන් අදහසකි.“පිළිකාව නිට්ටාවට සුව කළ හැකියි කියලා අද වනවිට මං ඔප්පු කරලා තියෙනවා. මගේ ළඟට එන පිළිකා රෝගීන් මං මාස තුනක් හයක් අතර කාලයකින් සනීප කරලා තියෙනවා. පිළිකා රෝගියෙක් තමන්ට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්ත මුල්ම අවධියේම මා හමුවට ආවොත් එම රෝගියා මාසයක් වගේ කෙටි කාලයකින් සනීප කරනවා. මේ සඳහා භාවිත කරන්නේ පිටතින් ගල්වන ආලේපයක් විතරයි. මේ වනවිට ලෝකේ කොහේවත් නෑ පිටතින් ආලේප ගල්වලා පිළිකා සුව කරන ස්ථානයක්.

සඳහා මා භාවිත කරන්නේ වස විස නොගෑවුණු දේශීය අමුද්‍රව්‍ය සහිත බෙහෙත් වට්ටෝරුවක් විතරයි. මං රෝගීන්ට කියන්නේ මා ළඟට එන විට අනිවාර්යෙන්ම පිළිකාවක් තියෙනවා කියලා ලබා දෙන වෛද්‍ය වාර්තාව රැගෙන එන්න කියලා විතරයි. ඒ එන රෝගියාට මගේ ප්‍රතිකාර ලබා දීමෙන් පසු මාස තුනක් වගේ කාලයකින් නැවත පරීක්ෂණයක් පවත්වන්න කියලා මං කියනවා. එම අවස්ථාවේදී රෝගියාට පුළුවන් ඔහු කැමැති ඕනෑම වෛද්‍යවරයකු හමුවෙලා තමන්ට පිළිකාව තියේද නැද්ද කියලා පරීක්ෂා කරවාගන්න.තාත්තාගේ අභාවයෙන් පසු අම්මාත් මාත් මේ වෙදකම සාමාන්‍ය පරිදි කරගෙන ගියා. මේ අතරවාරයේ මට හිතුණා පිළිකාව නසන බෙහෙතක් පිළිබඳව අත්හදා බලන්න. මට මගේ පියා මේ බෙහෙත ගැන කියලා දුන්නට ඒ පිළිබඳව පර්යේෂණයක් කරන්න බැරි වුණා. කොහොම හරි අවුරුදු 07ක් විතර මම මේ බෙහෙත පිළිබඳව අත්හදා බැලීම්වල නියැළුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද මා පිළිකාව නිට්ටාවට සුව කළ හැකි මේ බෙහෙත සොයා ගනු ලැබුවේ.පිළිකාවක් හැදුණු ලෙඩෙක් කොච්චර වේදනාවක් විඳිනවාද, දුකක් විඳිනවාද කියලා අපි දන්නවා. නමුත් කන්න බොන්න බැරිව මරණාසන්න වෙලා මා ළඟට එන පිළිකා රෝගීන් දින 10ක් යනකොට හොඳට කන්න බොන්න පටන් ගන්නවා. මාස තුනත් හයත් අතර කාලයේදී පිළිකාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේකෙදි මම කරන්නේ පිළිකා සෛල පැතිරී යෑම වළක්වා ඒ සඳහා සිරුරේ පිටතින් ආලේපයක් ගැල්වීම පමණයි. මේ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සිංහරාජ කැලයෙන් හා බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයෙන් තමයි හොයා ගන්නේ.

පිළිකාවක් තියෙනවා කියලා මුලින්ම හඳුනා ගත්ත රෝගියෙක් වුණොත් මාසයක් හෝ දෙකක් වගේ කෙටි කලකින් රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ නැතත් පිළිකාවක් තියෙන රෝගියකු මම පරීක්‍ෂා කර බැලීමෙන් පසු මාස තුනත් – හයත් අතර කාලයකදී අනිවාර්යෙන්ම සුව කිරීමේ හැකියාව තියෙනවා. මේ වෙනකොට පිළිකා රෝගීන් විතරක් 937 දෙනකු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණිලා තියෙනවා.ඒ අයගෙන් 524 දෙනකුගේ පිළිකා නිට්ටාවටම සුව කරලා තියෙනවා. ඒ අය අද ඉතා සතුටින් පවුල් ජීවිත ගෙවන අය. ඕනෑම කෙනකුට ඒ අය හමුවෙලා විස්තර දැනගන්න පුළුවන්. තවත් රෝගීන් 413 දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඒ අයගෙනුත් 128 දෙනකු මේ මස අවසන් වනවිට ප්‍රතිකාර අවසන් කරන අය. ඒ කියන්නේ පිළිකාව නිට්ටාවටම සුවවෙච්ච අය.ඇතැම් රෝගීන් මගේ ළඟට එන්නේ රෝහලින් දැන් නම් මෙයාගේ කාලය ඉවරයි කියලා ගෙදර අරගෙන ගිය අයයි. නමුත් අද මැරෙන්න හිටිය රෝගීන් තමන්ගේ දෙපයින් නැඟිටලා ඇවිදලා යනවා දැක්කම මට තියෙන්නේ පුදුම සතුටක්. මේ එන රෝගීන්ගෙන් බෙහෙත් සඳහා පමණයි මා සුළු මුදලක් අය කරන්නේ. අසරණ නැති බැරි අයගෙන් මං ඒ මුදල් ගන්නෙත් නෑ. මට ඕනේ මගේ තාත්තා කරගෙන ආ වෙදකම තවදුරටත් පවත්වාගෙන යන්නයි. ඒ වගේම මං කියන්න ඕනෑ ඇතැම් අය මට දුරකථනය ඔස්සේ කතා කරලා අහනවා ඇත්තටම පිළිකාව සනීප කරන්න පුළුවන්ද අහනවා.මං ඒ හැම කෙනකුටම කියන්නේ බය වෙන්න එපා. කවුරු මොනවා කිව්වත් පිළිකාව දේශීය වෙදකම මඟින් නිට්ටාවටම සනීප කරන්න පුළුවන්. ඇවිත් බලන්න. ඇතැම් අය දුරකථනයෙන් කතා කරලා බෙහෙත් හදන විදියත් අහනවා. මට හැම දෙනාටම කියන්න තියෙන්නේ දුරකථනයෙන් නම් ප්‍රතිකාර කරන්න මට තවම පුළුවන්කමක් නෑ. මට පුළුවන් මගේ ළඟට එන රෝගීන් පරීක්‍ෂා කරලා බලලා එම රෝගියාගේ තත්ත්වයට හරියන විදියට ප්‍රතිකාර කරන්න විතරයි. බොහොම වගකීමෙන් කියනවා මගේ ළඟට එන පිළිකා රෝගීන් මාස හයක් යන්නට කලින් පිළිකාව නිට්ටාවට සුව කර දීමේ හැකියාවක් ඇති බව” යැයි පැවැසීය.

වෙද මහතාගෙන් පසු අප පිළිකා රෝගයෙන් පීඩා විඳි රෝගීන් කිහිදෙනකුම සොයා ගියේ මෙහි ඇති සත්‍යතාව පිළිබඳව තවදුරටත් පසක් කර ගැනීම සඳහාය.පිළිකා රෝගය වැලඳී පිළිකාව සම්පූර්ණයෙන්ම සුව අතට හැරුණු මාවතගම, කුරුණෑගල පදිංචි 38 හැවිරිදි දෙදරු මවක වූ අනෝජා විමලරත්න මහත්මිය මෙසේ පැවැසුවාය.“මට මුලින්ම තිබුණේ බෙල්ලේ කැක්කුමක්. ඒ අනුව මං පේරාදෙණියේ රෝහලට ගිහින් වෛද්‍ය උපදෙස් මත පරීක්ෂණ කිහිපයක් කරගත්තා. අවුරුදු දෙකක් තිස්සේ කැක්කුමට බෙහෙත් ගත්තා. ඒත් සුව වුණේ නෑ. පසුව දිගින් දිගටම සිදුකළ පරීක්ෂණවලින් පසුව කිව්වා මගේ බෙල්ලේ ගෙඩියක් තියෙනවා කියලා. ගෙඩිය මොකද්ද කියලා මාස කිහිපයක් තිස්සේ පරීක්ෂණ කරලා බලලා ‍ෙදාස්තර මහත්වරු කිව්වා මට පිළිකාවක් තියෙනවා කියලා.ඒ කිව්වේ 2018 අගෝස්තු මාසයේ. වෛද්‍යවරු මට කිව්වා ප්‍රතිකාර ගන්නකොට පිළිකාව පැතිරීයෑම අඩු කරගන්න පුළුවන් කියලා. නමුත් පිළිකා රෝගීන් රෝහල් ගත වුණාම ඒ අයට කරන්ට් ඇල්ලීම නිසා හා විවිධ ඔෟෂධ නිසා විකෘති වෙලා දුක් විඳලා මැරිලා යනවා මං දැකලා තියෙනවා. ඒ නිසා මං තීරණය කළා මොනවා වුණත් කමක් නෑ බටහිර වෙදකම් නම් කරන්නේ නෑ කියලා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. පිළිකාවක් කිව්වාම මට දැනුණු වේදනාව කියලා නිම කරන්න බැරි වුණා. මෙහෙම ඉන්නකොට තමයි මට තිස්සමහාරාමයේ වෙද මහතාගෙන් බෙහෙත් අරන් සුව වෙච්ච ලෙඩෙක් පිළිබඳව මගේ යාළුවකු මඟින් දැනගන්න ලැබුණේ. ඒ අනුව තොරතුරු සොයා බැලීමක් කළා.මම මෙතනට එනකොට මට කන්න බොන්න බැරිව ඇඟ හොඳටම දුර්වල වෙලා හිටියේ. මට තනියම ඇඳෙන් නැඟිට ගන්න බැරි වුණා. මගේ පවුලේ අය මාව උස්සගෙනයි මෙතනට ආවේ. එහෙම ආවම මේ වෙදමහත්තයා මාව පරීක්ෂා කරලා බලලා කිව්වා දරුවෝ ඔයාට මාස තුනක් යන්න කලින් පිළිකාව නිට්ටාවට සුව කරගන්න පුළුවන් කියලා. ඒත් මට ඒක පිළිගන්න බැරි වුණා. මොකද අවුරුදු ගණන් පිළිකාව හැදිලා දුක් විඳින මිනිස්සු තමයි මං දැකලා තියෙන්නේ. කොහොම හරි වෙද මහත්තයා මට පිළිකාවට වෙදකම් කරන්න ආරම්භ කරලා දින 10ක් වගේ යනකොට කන්න බැරිව හිටිය මට කන්න පුළුවන් වුණා. තනියම ඇවිද ගන්න පුළුවන් වුණා. මට මං ගැනම පුදුම හිතුණා.

මම නේවාසිකව ඉඳගෙන තමයි ප්‍රතිකාර ගත්තේ. මාස තුනක් යනකොට මට ලොකු වෙනසක් දැනුණා. වෙද මහත්තයා මට කිව්වා ඔයාගේ ප්‍රතිකාර දැන් හරි. ගිහින් වෛද්‍යවරයෙක් හමුවෙලා ස්කෑන් එකක් කරගෙන එන්න කිව්වා. මං නුවර රෝහලට ගිහින් වෛද්‍යවරයෙක් චැනල් කරලා පරීක්ෂා කරලා බැලුවාම ඒ රිපෝට් එකේ තිබුණේ මට පිළිකාවක් නෑ කියලයි. මට ඒත් සැක නිසා මං නැවත දිනයක ගිහින් ස්කෑන් එකක් කරලා බැලුවා. ඒ රිපෝට් එකෙත් තිබුණේ පිළිකාවක් නෑ කියලා. මට හිතුණා රිපෝට් වැරැදිලාද දන්නේ නෑ කියලත්.මං මහරගම ගිහින් එහේදීත් නැවත ස්කෑන් එකක් කරලා බැලුවා. මට පුදුම හිතුණා. ඒ රිපෝට් එකෙත් තිබුණේ මට පිළිකාවක් නෑ කියලා. මට මගේ ජීවිතයේ එදා තරම් සතුටු වෙච්ච තව දවසක් නැති තරම්. මැරෙන්න වැටිලා හිටිය මට ජීවිතය දුන්නේ මේ වෙද මහත්තයා. එතුමා නම් දෙවි කෙනෙක් කියලයි මට කියන්න තියෙන්නේ. මට මගේ පිළිකාව සුව වෙච්ච නිසා මං අනෙකුත් පිළිකා රෝගීන්ටත් දැඩි විශ්වාසයෙන් යුතුව කියනවා පිළිකාව නිසා දුක් විඳ විඳ ඉන්න එපා. මේ වෙද මහතා හමුවෙලා ප්‍රතිකාර ගන්න කියලයි මං කියන්නේ. පිළිකා රෝගයට බෙහෙත් අරගත්ත මගේ යාළුවෝ දෙන්නෙක්ම මට සුව වෙලා තියෙනවා දැකලා මගෙන් විස්තර අහගෙන ගිහින් මේ වෙද මහතාගෙන් බෙහෙත් අරගෙන අද ඉතා සතුටින් ඉන්නවා.”

පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින කෑගල්ල, හෙම්මාතගම පදිංචි 78 හැවිරිදි බී.ඒ. මෙන්ඩිස් මහතා මෙසේ පැවැසීය.“මම ලංකා ගමනාගමන මණ්ඩලයේ තමයි වැඩ කළේ. සේවයෙන් විශ්‍රාම අරගෙන ටික කලක් ඉන්නකොට මට මගේ ඇඟේ ලොකු වෙනසක් දැනුණා. නුවර රෝහලට ගිහින් වෛද්‍යවරයකු හමුවුණා. එහිදී මාස කිහිපයක්ම විවිධ පරීක්ෂණ කිහිපයක් කළා. ඒ පරීක්ෂණවලදී මට කිව්වා ඔයාට පිළිකාවක් තියෙනවා කියලා. ඇඟ පුරාම පැතිරීමේ අවදානමක් තමයි තියෙනවා කිව්වේ. ඒ වෙනකොට මට කන්න බොන්න බෑ. තනියම ඇවිද ගන්නවත් බෑ.මං හොඳටම දුර්වල වෙලා තමයි හිටියේ. මගේ දරුවෝ තමයි මාව රෝහලට සායනවලට එක්කගෙන ගියේ. කට පිළිකාවක් කියලා වෛද්‍යවරු හොයා ගත්තම මට කිව්වා පිළිකාවට ප්‍රතිකාර ටිකක් තියෙනවා. වහාම රෝහලට ඇතුළත් වෙන්න කියලා. මං හා කියලා ගෙදර ගියා. නමුත් නැවත මං පිළිකාවට බෙහෙත් ගන්න රෝහලට නම් ගියේ නෑ. නොයන්න ප්‍රධානම හේතුව තමයි මගේ යාළුවකුත් පිළිකාවක් හැදිලා බෙහෙත් ගන්න රෝහලට ගිය දවසේ ඉඳලා පුදුම තරමේ දුකක් විඳලා මැරිලා ගියා. මටත් ඒක වේවි කියලා මට බය හිතුනා.
මෙහෙම ඉන්න කොට තමයි මට මේ තිස්සමහාරාමේ වෙද මහත්තයෙක් ගැන අහන්න ලැබුණේ. මං දරුවොත් එක්ක මේ වෙද මහත්තයා හමුවෙන්න ආවා. ඒ ඇවිත් වෙද මහත්තයා මාව පරීක්‍ෂා කරලා බලලා මට කිව්වා තාත්තේ බය වෙන්න එපා. තාත්තට ඉක්මනින් සුව වෙනවා. ඒ වෙනකොට මට මොකුත් කන්න බෑ. කටට දමන දියර ටිකක් විතරයි තිබුණෙ. ඇවිදින්න තියා ඇඳක වාඩි වෙලා ඉන්නවත් මට පුළුවන්කමක් තිබුණේ නෑ.

වෙද මහත්තයා මට දින 10ක් වගේ බෙහෙත් ගානකොට මට කන්න පුළුවන් වුණා. තනියම ඇඳෙන් නැඟිටින්න පුළුවන් වුණා. අද වෙනකොට මට හිතාගන්නවත් බැරි තරමේ සුවයක් මට තියෙනවා. මං දින 15කට සැරයක් ඇවිත් වෙද මහතාගෙන් බෙහෙත් කරගෙන යනවා. අද මේ පස්වැනි බෙහෙත් මුරයට තමයි මං ආවේ. තව එක බෙහෙත් මුරයක් කරලා ස්කෑන් එකක් කරලා බලමු කියලා වෙද මහත්තයා මට කිව්වා. වෙනදා මගේ සාත්තුවට පුතා ළඟ හිටියා. අද මං තනියම මගේ වැඩ ඔක්කොම කරගන්නවා. මේ වෙද මහත්තයා නම් බුදු වෙන්න ඕනේ. මැරෙන්න ඇඳකට වැටිලා හිටිය මට පණ දුන්නේ මේ වෙද මහත්තයා.”තංගල්ලේ පදිංචි 41 හැවිරිදි මාලා පියදර්ශනී මහත්මිය,“මම පිටේ දැඩි වේදනාවකට තමයි මුලින්ම ප්‍රතිකාර ගන්න රෝහලට ගියේ. හැමදාම මං රෝහලේ සායනවලට ගියාට වෛද්‍යවරු කිව්වා ලෙඩේ මොකද්ද කියලා කියන්න පරීක්ෂණ කිහිපයක් කරන්න වෙනවා කියලා. එතකම් වෛද්‍යවරු මට එක බෙහෙත් පෙත්තක්වත් දුන්නේ නෑ. පුදුම තරම් පිටේ වේදනාවකින් ඒ වනවිටත් මං හිටියේ. කොහොම හරි වෛද්‍යවරු පරීක්ෂණ කරලා කරලා අවසානයේදී කිව්වා මට පියයුරු පිළිකාවක් තියෙන්නේ කියලා. නමුත් එදා මං රෝහලෙන් එළියට එනකොටම තීරණය කළා කොහොම හරි මේක විඳගෙන ඉන්නවා මිසක් ඉස්පිරිතාලේ නම් යන්නේ නෑ කියලා.

කොහොම හරි කාලයත් එක්ක මට මේ වෙද මහතා ගැන දැනගන්න ලැබුණා. දැන් මං මෙතනට ඇවිත් ප්‍රතිකාර කරන්න පටන් අරන් මාස තුනක් විතර වෙනවා. ඇත්තටම පළමු දින 10දීම මට ලොකු වෙනසක් දැනුණා. අද මට ඇත්තටම ලොකු සුවයත් තියෙනවා. වෙද මහත්තයා මට කිව්වා තව මාසයක් බෙහෙත් කළාට පස්සේ පරීක්ෂණයක් කරලා බලන්න කිව්වා පිළිකාව තියේද නැද්ද කියලා. ඇත්තටම මේ වෙනකොට මටත් දැඩි විශ්වාසයක් තියෙනවා පිළිකාව සුව වෙලා කියලා.”පිළිකා රෝගයට ගොදුරු වූ සිය බිරියට ප්‍රතිකාර ලබා ගැනීමට කුරුණෑගල සිට පැමිණි චින්තන ප්‍රදීප් මහතා,“නෝනගේ තිබුණු රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගත්තා. එහිදී සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වුණා නෝනට පිළිකාවක් තියෙනවා කියලා. පස්සේ අපි කුරුණෑගල විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කරලා බලලා තහවුරු කර ගත්තා නෝනට කැන්සර් එකක් තියේද කියලා. එහිදී ඒක තහවුරු වුණා. ඒ වෛද්‍යවරයා කිව්වා ඔපරේෂන් එකක් කරන්න ඕනෑ කියලා. අපි ඒක කළේ නැතිව මහරගම පිළිකා රෝහලට ගියා. එහේ කරන්න තියෙන හැම ටෙස්ටින් එකක්ම කළා. ඒ පරීක්ෂණවලින් පසු වෛද්‍යවරු තීරණය කළා දකුණු පියයුරුවේත්, දකුණු අතේ කිහිල්ලයටත්, වම් පැත්තේ කිහිල්ල යටත් පිළිකාව පැතිරිලා තියෙනවා කියලා. මහරගම පිළිකා රෝහලට ගමන් වාර ගණනාවක්ම ගියා.කොච්චර බෙහෙත් කළත් අවසානයේ මැරෙන්නම වෙන බව කවුරුත් දන්නවා. ඒ අතරවාරයේ තමයි මට මේ වෙද මහතා පිළිබඳව දැනගන්න ලැබුණේ. ඒ අනුව මං මේ වෙද මහතා හොයාගෙන ආවා. දැන් මෙතනින් ප්‍රතිකාර ගන්න ඇවිත් මාස තුනකට ආසන්නයි. ඇත්තටම මේ වෙනකොට මගේ නෝනට සියට අනූනවයක්ම සුවයි. කවුරු මේක නොපිළිගත්තත් මට මේ වෙද මහත්තයා විශ්වාසයි. මං එහෙම කියන්නේ අවුරුදු ගාණක් පිළිකාවක් නිසා අපි දුක් වින්දා. නෝනා දිවි නසා ගන්න ගියා. හැබැයි මාස තුනක් වගේ කෙටි කාලයකින් මේ වෙද මහතා අපිට නැවත ජීවිතයක් දීලා තියෙනවා.”

තංගල්ලේ පදිංචි ඩබ්ලිව්.ඒ. ජයන්ත මහතා,“ඇත්තටම මං මෙතනට ආවේ නෝනගේ පිළිකා රෝගයට ප්‍රතිකාර ගන්න. මුලින්ම සී.ටී. ස්කෑන් එක කරලා බැලුවා පිළිකාවක් කියලා තියෙනවා. මේ වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර අරගෙන යන රෝගීන් මාස තුනකට හෝ හයකට පසු නැවත ගිහින් සී.ටී. ස්කෑන් එක කරලා බැලුවම පිළිකාවක් නෑ කියනවා. පුදුමේ කියන්නේ මේ වෙද මහත්තයා මේ එක රෝගියකුටවත් බෙහෙත් පෙත්තක්වත් කල්ක ටිකක් හෝ අරිෂ්ඨ ටිකක්වත් බොන්න දෙන්නේ නෑ. රෝගියා පරීක්ෂා කර බැලීමෙන් පසු පිළිකාව පැතිරි ඇති ප්‍රදේශවල පිටතින් අලේප කිරීම විතරයි කරන්නේ.”ජනාවාස 10, පැල්වත්ත, බුත්තල පදිංචි 38 හැවිරිදි දෙදරු මවක වූ ඩී.ජී. රේණුකා දමයන්ති මහත්මිය,“මට ඉස්සරවෙලා තිබුණේ කොන්දේ අමාරුවක්. ඒකට මොනරාගල රෝහලෙන් හම්බන්තොට හා මාතර රෝහල්වලින් විවිධ අවස්ථාවල ගිහින් ප්‍රතිකාර ගත්තා. නමුත් කිසිදු සුවයක් තිබුණේ නැති නිසා ගාල්ල කරාපිටියේ රෝහලට ගියා. එහිදී කාලයක් සිදුකළ පරීක්ෂණවලින් පසු වෛද්‍යවරු මට ප්‍රතිකාර කළත් මොකක්ද ලෙඩේ කියලා කිව්වේ නෑ. පස්සේ පෙරැත්ත කරලා ඇහුවම තමයි කිව්වේ මගේ කොන්දේ පිළිකාවක් තියෙනවා කියලා.සාමාන්‍ය වාට්ටුවේ තියාගෙන ප්‍රතිකාර කරලා මාව කරාපිටියේ පිළිකා වාට්ටුවට දමලා ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ඒ වෙනකොට මට ඇවිදින්න බැරි වුණා. කොණ්ඩේ ගියා. කන්න බොන්න බැරි වුණා. ඊට පස්සේ නහයෙන් බටයක් දමලා දියර වර්ග විතරයි පෙව්වේ. මුත්‍රාවලටත් බටයක් දමලා තිබුණේ. මං ජීවත්වීමේ ආශාව අත්හැරලා හිටියේ. වෛද්‍යවරු පවා කියලා තිබුණේ හිත හදාගන්න මේ ලෙඩාව සනීප කරන්න බෑ කියලයි.

මගේ මහත්තයාටයි සහෝදරයන්ටයි මම ඉන්න විදිය බලාගෙන ඉන්න බැරිව බලෙන්ම වගේ ටිකට් කප්පවලා මේ වෙද මහත්තයාට ළඟට අරන් ආවා. ඒ අරන් එනකොට මට නැඟිටින්න කන්න බොන්න මොකවත් බෑ. මෙතනට අරන් එනකොටවත් මාව බාගෙට මැරිලා වගෙයි හිටියේ. නාහෙට බට දමලා මුත්‍රාවලට බට දමලා මාව හරහට දෙන්නෙක් උස්සගෙනයි ආවේ. ඒ ඇවිත් මේ වෙද මහතා හමු වුණාම මගේ රෝගී තත්ත්වය පරීක්ෂා කරලා බලලා වෙද මහතා කිව්වා ඔයාගේ කොන්දේ පිළිකාවක් තියෙනවා.ඒක දැන් ගොඩක් පැතිරිලා තියෙන්නේ කිව්වා. එහෙම කියලා වෙද මහත්තයා මාස හයක් යන්න කලින් සනීප කර දෙන්නම් කිව්වා. ඒත් මට ඒක විශ්වාස කරන්නත් බැරි වුණා. කොහොම හරි වෙද මහත්තයා මට දමලා තිබුණු බට ඔක්කොම ගැලෙව්වා. ඒ ගලවලා මට බෙහෙත් ගාන්න පටන් ගත්තා. දවස් 10ක් යනකොට මට හොඳට කන්න පුළුවන් වුණා. මගේ කොන්දේ තිබුණු වේදනාව අඩුවෙලා ගියා. මාසයක් යන්න වුණේ නෑ මට හොඳටම නැඟිටලා කියලා යන්න පුළුවන් වුණා. හොඳටම කන්න පුළුවන් වුණා. වෙද මහත්තයා මාසෙකට දෙගමනක් හෝ තුන්ගමනක් බෙහෙත් නියම කළා. දැන් මාස හතරක් වෙනවා බෙහෙත් අරගන්න පටන් අරගෙන. මටත් හිතාගන්න බෑ මං දැන් තනියම නැඟිටලා ඇවිදගෙන යනවා.මට දැන් හොඳට කන්න බොන්න පුළුවන්. වෙද මහත්තයා කිව්වා තව මාස 02ක් බෙහෙත් ගන්නකොට පිළිකාව නිට්ටාවට සුව වෙනවා කියලා. ඇත්තටම මං මේ වෙදමහත්තයා ළඟට එනකොට ප්‍රතිකාර ගත්ත අය දැන් සුව වෙලා පුදුම සතුටින් වෙද මහත්තයා හමුවෙන්න එනවා. මමත් මේක පිළිගත්තේ නෑ මුලින්ම. ඇත්තටම වෙද මහත්තයා නම් දෙවියෙක්. අද මම මගේ මහත්තයයි දරු දෙදෙනයි සමඟ බොහොම සතුටින් ඉන්නවා. පිළිකා රෝගීන්ට මං කියනවා මමත් පිළිකා රෝගියෙක් විදියට අවුරුදු ගාණන් දුක් වින්දා. ඇත්තටම දැන් මට පිළිකාව හොඳයි. තව මාස දෙකකින් පසු මං නැවත සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට යන්න ඉන්නේ පිළිකාව සුව වෙලාද බලන්න.වෙද මහත්තයා මේ කරන්නේ මහා පින්කමක්. මේ මාස හතරටම වෙද මහත්තයා මට එකම බෙහෙත් පෙත්තක්වත්, අරිෂ්ඨ ටිකක්වත් බොන්න දුන්නේ නෑ. කළ එකම ප්‍රතිකාරය තමයි පිළිකා සෛල මැරෙන්න පිටතින් බෙහෙත් ගල්වපු එක විතරයි. ඇත්තටම මං අද පුදුම සතුටින් ඉන්නේ.”

අප මෙම වෙද මැඳුර පිළිබඳව පාඨක ඔබට ලියන්නට සිතුණේ දුකට කරදරයට පත්වන රෝගීන්ගෙන් මුදල් ගැරීමේ විවිධ ජාවාරම් අද රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින යුගයක මෙවැනි රෝගීන් සඳහා හැබෑවටම ප්‍රතිකාර කරන ස්ථාන ඇති බවට ඔබට සඳහන් කරන්නටය. සුවහසක් වූ අසරණ රෝගීන්ට දේශීය වෙදකම ඔස්සේ ජීවය දෙන සිසිර ගමගේ වෙද මහතා හැබෑවටද දක්ෂ වෙද මහතෙකි.මිණි කිරණ වෙද මැඳුරට ගොස් රෝගීන් හමුවී කතා කරනතෙක් ලිපිය ලියන මා වෙතද මේ පුවත අදහාගත නොහැකි එකක් වූ බවද ලිවිය යුතුමය. නමුත් දෑසින් දුටුදේත් සමඟින් පසක් වූයේ දෙවිවරු වන් මිනිසුන්ද මෙලොව සිටින බවයි.පිළිකා රෝගීන් මෙම වෙද මහතා හමුවට එන්නේ නම් ඉහත අප සඳහන් කළ පරිදි මිණි කිරණ වෙද මැඳුර, ආසිරි මාවත, දියස්යාය, මාගම පාර, තිස්සමහාරාම ලිපිනයට පැමිණිය හැකිය. සෑම සතියකම බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනවලදී පමණක් උදේ 06 සිට සවස 06 දක්වා ප්‍රතිකාර සිදු කරනු ලබයි. –  -(මව්බිම)

පිටි කිරි දෙන්න එපා

අහිතකර තත්වයන් පිළිබඳව මුළු රටම මේ මොහොතේ කතාකරන කාරණයක්. කිරිපිටි පරිභෝජනය අපේ ජනජීවිතය හා බැඳී ඇති සාමාන්‍ය අංගයක් වී අවසන්. බොහෝ දෙනා උදෑසන අවදි වූ විට “බෙඩ් ටී” එකක් ලෙස කිරිපිටි වලින් සෑදූ කිරි කෝප්පයක් පානය කරනු ලබනවා. ඇතමෙක් මෙලෙස දිනකට කිරි කෝප්ප කිහිපයක් භාවිතා කරනු ලබනවා. මෙය අපේ සෞඛ්‍යයට ඉතාමත් අහිතකර තත්වයක් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති බව සමස්ත ලංකා එක්සත් වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙහි සභාපතිතුමන් වන වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පවසනවා.සාමාන්‍යයෙන් දියර කිරි වීදුරුවකින් ගතහැකි පෝෂණීය වටිනාකම එම මුදලට ලබාගත හැකි පෝෂණ තත්වයෙන් උසස් වෙනත් ආහාරයකට වඩා අල්පයි. කිරි දෙනෙකුගෙන් ලබා ගන්නා ලද කිරි 100ml ක් තුළ 88%ක ප්‍රතිශතයක් අඩංගු වන්නේ ජලයයි. ඉතිරි 12% ක ප්‍රතිශතය ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේදය, විටමින්, ඛණිජ ලවණ ආදී පෝෂණීය සංඝටකයන් අතරේ බෙදී යනවා. මෙම දියර කිරි 100ml ක වීදුරුවක් තුළ ප්‍රෝටීන 3.5g ක් පමණ අඩංගු වන අතර විටමින් වර්ග ලෙස විටමින් A සහ විටමින් B2 අඩංගු වෙනවා. මෙවැනි කිරි වීදුරුවකින් ඔබේ ශරීරයට ලැබෙන්නේ කි.කැ.67 ක් තරම් ඉතා සුළු ශක්ති ප්‍රමාණයක් පමණයි.මෙම දියර කිරි වලින් කිරිපිටි නිෂ්පාදනය කරනු ලබන්නේ විසිරුණු වියළන ක්‍රමය නම් තාක්ෂණික ක්‍රමය මඟින්. මෙම ක්‍රමයේ දී කිරිපිටි වල ඇති බොහෝමයක් පෝෂණීය සංඝටක කොටස් විනාශයට ලක්වීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් 55°C දී ප්‍රෝටීන් විනාශ වන බව අපි හැමෝම පාසලේදී ඉගෙන ගත්තු පාඩමක්. මෙහිදී ද මෙලෙස ප්‍රෝටීන ඇතුළු තවත් පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් විනාශයට ලක්වෙනවා.සමහරක් කිරිපිටි නිෂ්පාදකයින් කිරිපිටි නිපදවීමට පෙර දියර කිරි අවස්ථාවේදීම එම කිරි වලින් ප්‍රෝටීන කොටස හා මේදය කොටස වෙන්කර ගනු ලබනවා. ( වෙන්කර ගන්නා ප්‍රෝටීන කොටසින් Supplement නිපදවන අතර වෙන්කර ගන්නා මේදය කොටසින් චීස්, බටර් ආදිය නිෂ්පාදනය කරනු ලබනවා.) මෙසේ දියර කිරි වලින් ප්‍රෝටීන කොටස වෙන්කිරීමට ඔවුන් යොදාගන්නේ “DCD හා මෙලමයින්” කියන අපේ සෞඛ්‍යයට දැඩිහානි පමුණුවන රාසයනික සංයෝගයන්. මෙලෙස දියර කිරි වලින් සොරාගන්නා ප්‍රෝටීන ප්‍රමාණය නිවැරදිව පෙන්වීමට N අඩංගු සංයෝගයකට ආදේශකයක් ලෙසත් මෙම මෙලමයින් යොදාගනු ලබනවා. මෙම මෙලමයින් නම් රසායනික සංයෝගය කිරිපිටි හරහා අපේ ශරීරයට ඇතුළු වූ පසු ආහාර ජීර්ණ පද්ධතිය මඟින් අපේ රුධිරයට උරාගනු ලබනවා.මෙසේ උරාගන්නා මෙලමයින් අපේ ශරීරයෙන් පිටතට බැහැර වීමක් සිදුවන්නේ නැහැ. 90 දශකයේදී චීනයේ එක්තරා ප්‍රාන්තයක කුඩා දරු පැටවු හතලිස් ගණනක් පමණ වකුගඩු රෝගීන් වී මිය ගියේ ඔවුන්ට බීමට ලබා දී තිබූ කිරිපිටි වල මෙලෙස මෙලමයින් අඩංගු වී තිබූ නිසයි. පසුගිය කාලයේදී කිරිපිටි සමාගම් මඟින් අපේ රටට ගෙන්වූ කිරිපිටි වල ද මෙම DCD හා මෙලමයින් අඩංගු වී තිබෙන බව සොයාගත් පසු එයද රටේ විශාල ආන්දෝලනයක් ඇතිකළ මාතෘකවක් වූ බව දැන් සමහරවිට ඔබට මතක් වෙනවා ඇති.

ඉන්පසු අපේ රට තුළට ගෙන්වන කිරිපිටි වල DCD හා මෙලමයින් නම් රසායනිකයන් අඩංගුවේදැයි සොයාබලන පර්‍යේෂණයන් සිදුකරනු ලැබෙනවා. මෙම සමාගම් විසින් මෙහි හිඟවූ ප්‍රෝටීන් වලට ආදේශකයන් ලෙස ඌරු තෙල් ආදී සත්ව මේදයත් හිඟවූ මේද ප්‍රමාණයට ආදේශකයක් ලෙස ෆාම් තෙල් ආදී ශාකමය තෙල් වර්ගත් යොදාගනු ලබනවා. මෙලෙස බාහිරයෙන් එකතු කරන ලද පෝෂණ පදාර්ථයන් පෝෂණ විද්‍යාවේදී අඩල්ටරේෂන් (Aduleration) නමින් හඳුන්වන වැරදි පෝෂණ ප්‍රතිපත්තියක් ලෙස හඳුන්වා දෙනු ලැබුවත් අපරටට ආනයනය කරන කිරිපිටි තුළ මෙලෙස කෘතිම ආදේශකයන් අඩංගුදැයි සොයා බලන විධිමත් පර්‍යේෂණයන් තවමත් සිදුවන්නේ නැහැ.මෙම කිරිපිටි සමාගම් තම අලෙවිය වැඩිකර ගැනීමට කිරිපිටි වල නොමැති ගුණාංගයන් පවා හුවා දක්වමින් අහිංසක ජනතාව මුලා කරමින් තම කූට වෙළඳ උපක්‍රමයන් සෑමවිටම දියත්කරනු ලබන අතර මේ ඔවුන් පවසන දේ හා එහි සැබෑ තත්වයන් සංසන්දනාත්මකව සොයා බැලීමක්.කිරිපිටි පරිභෝජනය මඟින් සිරුරට අවශ්‍ය කැල්සියම් අවශ්‍යතාවය සැපිරී ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්වයන්ගෙන් වැළකිය හැකි බව ඔවුන් පවසන පළමු කාරණයයි. ඔස්ටියෝපොරෝසිස් වලට කැල්සියම් අවශ්‍ය වුවත් රු.350 / රු.400 ක මිළකින් යුත් කිරිපිටි පැකට් එකක් තුළ කැල්සියම් අඩංගු වන්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයක්. නමුත් ඔබට වෙළඳපොලෙන් කැල්සියම් ලැක්ටේට් එක පෙත්තක් රුපියලකට මිළ දී ගෙන මෙම කැල්සියම් අවශ්‍යතාවය සපුරාගන්න පුලුවන්. එහෙම නැතිනම් විවිධ සමාගම් මඟින් කැල්සියම් සමඟ විටමින් රැසක් එකතුකර නිපදවන විශේෂිත කැල්සියම් පෙත්තක් රු.10 ක පමණ මිළකට ලබගන්න පුළුවන්. කිරි වලින් කැල්සියම් සෙවූ ඔබේ පසුම්බියට දැන් කීයක් ලාභදැයි සිතන්න.ගර්භණී මව්වරුන් වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති කිරිපිටි පරිභෝජනය මඟින් දරුවාගේ මොළය වර්ධනය වීම සිදුවන බව ඔවුන් පවසන දෙවැනි කාරණයයි. සාමාන්‍යයෙන් මොළය හා ස්නායු පද්ධතිය වැඩීමට අවශ්‍ය වන්නේ ‘ෆෝලික් ඇසිඩ්’ නම් විටමින් වර්ගයයි. රුපියලකටත් අඩු වටිනාකමකින් යුක්ත මේ ෆෝලික් ඇසිඩ් පෙති වෛද්‍යවරුන් විසින් ගර්භණී මවකට නිර්දේශ කරන්නේ ගර්භණී වීමටත් පෙර සිටයි. ඒ නිසා ශත 90 කින් ලැබෙන මේ පෝෂණය කිරිපිටි පැකට් එකකින් නම් ඔබට කවදාවත්ම ලැබෙන්නේ නැතිබව හොඳට සිහියේ තබාගන්න.විවිධ වයස් කාණ්ඩයන් වල පසුවන කුඩා දරුවන්ගේ මොළයේ සීග්‍ර වර්ධනය සඳහා ඒ ඒ වයස් කාණ්ඩ වලට නිර්දේශිත කිරිපිටි ලබා දෙන්න. මේ ඔවුන් පවසන තුන් වැනි කාරණයයි. හොඳට සොයා බලන්න. මේ හැම වර්ධන අවධියකට පසුවන දරුවන්ට ලබාදෙන්නේ එකම සංයුතියකින් යුතු කිරිපිටි වර්ගයි. වෙනස් වනු ලබන්නේ පෙට්ටියේ මතුපිට ලේබලය පමණයි. ඉතින් මෙහෙම වසවිස මුසු වුන ආහාරපාන පරිභෝජනය කරපු අපේ ලස්සන මල් කැකුලු කීයක් දැනට පිළිකා රෝගීන් වෙලා ඉන්නවද කියලා මහරගම අපේක්ෂා රෝහලට ගියාම ඔබට ඇස්දෙකෙන්ම බලාගන්න පුළුවන්.

මෙම කිරිපිටි දියවැඩියාවට හොඳයි. මෙය ඔවුන්ගේ සිව්වැනි උපක්‍රමයයි. සුක්‍රෝස් යනු පැණි රසයෙන් යුක්ත දියවැඩියා කාරක සීනී වර්ගයක්. නමුත් කිරිවල අඩංගු ලැක්ටෝස් නම් සීනි වර්ගය සුක්‍රෝස් තරම් පැණි රසයක් ඔබේ දිවට ගෙන නුදුන්නත් එයද සුක්‍රෝස් වගේම දියවැඩියා කාරක සීනි වර්ගයක් බව හොඳින් මතක තබාගන්න.අහවල් රටේ තණකොළ අනුභව කරන දෙනුන්ගේ කිරි වලින් තමයි අපි මේවා නිපදවන්නේ. මෙය ඔවුන්ගේ නිෂ්පාදනයන්ට අපිව පොළඹවා ගන්නා පස්වැනි කාරණයයි. කිරි දොවා ගැනීම සඳහා ඇතිකරනු ලබන ෆ්‍රීෂියන්, අයර්ෂයර්, සින්ධි, සාහිවාල් ආදී ගව විශේෂ අතුරින් වැඩිපුර කිරි ලබාගැනීම සඳහා ශීත රටවල බහුලව ඇතිකරනු ලබන්නේ මෙම ෆ්‍රීෂියන් නම් ගව විශේෂයයි. මෙම දෙනුන්ගේ කිරිවල ඇති ‘ඇල්ෆා කේසීන්’ සහ ‘බීටා කේසීන්’ නම් ප්‍රෝටීන් වල සංයුතියන් අපේ දේශීය ගවයෙකුගේ කිරිවල ඇති ප්‍රෝටීන සංයුතියන්ට වඩා වෙනස් ආකාරයක් ගන්නා අතර ෆ්‍රීෂියන් ගවයෙකුගේ මෙම ‘ඇල්ෆා කේසීන්’ සහ ‘බීටා කේසීන්’ සංයුතිය වඩාත් දියවැඩියා කාරක හා හෘද රෝග කාරක බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබෙනවා. ඉතින් ඔබත් සල්ලි දීලා ලෙඩ හදාගන්නව ද? තීරණය ඔබේ අතේ.කිරිපිටි පරිභෝජනයෙන් ගැස්ට්‍රයිටිස් රෝගය අවම කරගන්න පුළුවන්. මෙය ඔවුන් පවසන හයවැනි කාරණයයි. අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගියෙකු ගේ ආමාශය තුළ ස්‍රාවය වන ආමාශයික අම්ල සමඟ ‘පොලිකො බැක්ටර් පයිලෝරි’ නම් බැක්ටීරියා වර්ගයක් ජීවත් වෙනවා. ගැස්ට්‍රයිටිස් තත්වයක් ඇතිවිට කිරි වීදුරුවක් හෝ යෝගට් එකක් පානය කිරීම නිසා ආමාශයේ අම්ල තනුක වීමෙන් තාවකාලික සහනයක් ඒ මොහොතේදී ලැබුණත් මෙම බැක්ටීරියාව කිරි වැනි මාධ්‍යයක් තුළදී වැඩි වැඩියෙන් වර්ධනය වී ඔවුන්ගේ ගැස්ට්‍රයිටිස් රෝගය ඉදිරි කාලයේදී තව තවත් උග්‍ර කිරීමට මෙය හේතුවෙනවා.මෙසේ වෙළඳ දැන්වීම් ඔස්සේ අපිව නොමඟ යවන කිරිපිටි සමාගම් විසින් අපේ දේශපාලන අධිකාරිය, ජනමාධ්‍ය ආදී නොයෙකුත් අංශයන් මුදල් බලයෙන් සියතට ගෙන අවසන්. මෙම කිරිපිටි භාවිතයේ අනිටු විපාකයන් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයකු විසින් මීට දෙවසරකට පෙර ලංකාවේ ප්‍රසිද්ධ විද්‍යා පුවත්පතකට ලියන ලද ලිපි මාලාව එහි දෙවන කොටසින්ම නතර කර දැමීමට සිදුවීමත් එම කිරිපිටි සමාගම් විසින් විවිධ අමාත්‍යාංශ වල උත්සව, ප්‍රිය සම්භාෂණ, විනෝද චාරිකා ආදී නොයෙකුත් දේ සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දීමත්, ශ්‍රී ලංකාව තුළ පසුගිය වසර පහ හය කාල සීමාව තුළ කිරිපිටි වල තත්ව පරීක්ෂාවන් මෙරට තුළ දී හරියාකාරව සිදුනොකොට කිරිපිටි තොග කිලෝ ලක්ෂ ගණන් මෙරට වෙළඳපොලට මුදා හැරීමත් (2015 දී ආයතනික කිරිපිටි සම්බන්ධයෙන් විගණකාධිපති විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව) මෙයට හොඳම උදාහරණයන් සපයනවා.
ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මුදලට සියල්ල යටවන මේ රටේ ඕනම බොරුවක් සිය සැරයක් කීවම ‍එය ඇත්ත කළ හැකි නිසාත් ඔබට මට හැම දෙයක්ම බොහෝ ඉක්මණින්ම අමතක වී යන නිසාත්, මේ කිරිපිටි උණුසුම පවතින්නේ ඉතා ටික කලක් නිසාත් තව නොබෝදිනකින් කිරිපිටි වල ගුණ කථනයන් ඔබට නිතර ඇසෙන්නට පටන් ගනීවි. මුද්‍රිත හා රූපවාහිනි වල ලස්සන ලස්සන වෙළඳ දැන්වීම් වලින් ඔවුන් ඔබ හමුවට පෙරසේම පැමිණේවි. ඉතින් ඔබත් නැවතවරක් පෙරසේම ඔවුන්ට රැවටෙනවද කියන තීරණය ඔබ සතුයි.මූලාශ්‍රය :- කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා හා ජනමාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා අතර සිදුවූ කාලීන සංවාදයත්, සමස්ත ලංකා එක්සත් වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙහි සභාපතිතුමන් වන වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා විසින් සිදුකළ මාධ්‍ය සාකච්ඡාවත් ඇසුරින් සකස්කරන ලදී.

අපේ වෙද පරපුරේ යට ගිය දවස රහස්

අපේ සිංහල ඇස් වෙදකම මේ රටට පමණක් හිමිය. පෙර කැරුණු දස්කම් අද අවර දිග ඇස් වෙද විශේෂඥයන් පවා මවිත කරන සුලුය. ඉතා සියුම් සැත්කම් විධි කෙරිණි. අමාරු ඇස් ආබාධයන් සුළු බෙහෙත්වලින් සුව කරන ලදී. ඇතැම් ඇස් රෝග සුව කරන ලද්දේ කෙම්, නිල ඇල්ලීම හා වෙනත් ගුප්ත බෙහෙත් ක්‍රමවලිනි. සමහර ගුප්ත ක්‍රමයන් සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් ඇතත් එවැනි වෙදකම් දන්නා කිහිප දෙනකුන් වුව සොයා ගැනීමට ලැබීම වාසනාවකි. ඉතාම ප්‍රසිද්ධ ඇස් වෙද පරපුරවලින් පැවත එන්නෝ තවමත් සිටිති. පසුගිය ශතවර්ෂ තුන ඇතුළතදී ක්‍රම ක්‍රමයෙන් මහජනයාට සිංහල ඇස් වෙදකමත් අමතක වී යෑම නිසාදෝ සමහර ඇස් වෙද පරපුරවලට අද ඉතිරි වී ඇත්තේ නිතර දෙවේලේ වුවමනා වන බෙහෙත් කිහිපයක් පමණය. තමාට ප්‍රත්‍යක්‍ෂ වූ එකම එක බෙහෙත වුව සිය පණ මෙන් රකින අය අෑත පිටිසර ගම්වල තවමත් සිටිති.පැරැණි ඇස් වෙදකම දැනට ඉන්දියාවෙහි සහමුලින්ම වාගේ වඳ වී ඇතැයිද ඉන්දීය වෛද්‍ය විශේෂඥයකු තමාගේ ඇස් වෙදකම ඉල්ලා ආවේ යැයිද අප සමඟ පැවැසීය. එදත් අදත් සිංහල ඇස් වෙදුන් වෙදකම් කරන්නේ අවරදිග වෙදුන් මෙන් මුදල් ගැනීමට නොවේ. ඉතාම වැඩි දෙනෙක් පින් පිණිස එය කරති. ඇස් වෙදකමේම යෙදී සිටියහොත් සමහරුන්ට ජීවත් වීමට වුව මඟක් නැති වේ. ගිහියන් ඇස් වෙදකමෙන් අෑත් වීම නිසා ඔවුන්ගේ වෙද පොත් රැකුණේ පන්සල්වලය. ඇස් වෙදකම හැදෑරීමට ඒ නිසා සමහර භික්ෂුන් වහන්සේට සිදු විය. අපේ පැරැණි සිංහල ඇස් වෙදකම තරමක් වුව රැකුණේ උන්වහන්සේ නිසාය. පැරැණි සිංහල ඇස් වෙද පොත් විශාල ගණනක්, අපේ පන්සලවල පොත්ගුල්හි දක්නට ලැබේ. ඒවා මෙතෙක් ආරක්‍ෂා කිරීම ගැන මුළු රටම උන්වහන්සේට කවරදා හෝ කෘතඥ වෙනු නොඅනුමානය.ඇස් සැත්කම් සඳහා පුරාණයේදී පාවිච්චි කළේ රිදියෙන් හා රත්රනින් සෑදූ කටු, අඬු හා පිහියා ආදියයි. එසේ රත්රන් හා රිදී යෙදුවේ ඒවායේ මලකඩ නොසෑදෙන නිසාය.
ලෙඩ ඇති ඇහැට විරුද්ධ පැත්තේ කකුලේ හෝ අතේ හෝ මාපට ඇඟිල්ලට බෙහෙත් කිරීම සිංහල ඇස් වෙදකමේ පමණක් දක්නට ඇති පුදුම වෛද්‍ය ක්‍රමයකි. පැරැණි හැම පරපුරකම අය මේ ක්‍රමය අනුව පිළියම් කරන බව පෙනේ. ‘පොල’ නමැති ඇස් රෝගයට කකුලේ නියපොත්තට බෙහෙත් බැඳීමෙන් විනාඩි කිහිපයකදී එම රෝගය සුව කිරීම අත්දුටු බව හිටි හැටියේ ඇස් අන්ධ වෙන රෝගයක් අවරදිග වෙදකමේ හැඳින්වෙන්නේ ‘ග්ලූ කෝමා’ යනුවෙනි. එම රෝගය වැලඳුණු පසු රාගම හීන්කෙන්ද වෙද පරපුරේ වැලිපිල්ලෑවේ විහාරාධිපති මීගල්ලේ හාමුදුරුවන් සුළු වෙදකමකින් වහා සුවය ලබා දුන්නේ පුදුම සහගත විදියකට යැයි වෛද්‍යාචාර්ය ඩී.ඇම්. ජයසිංහ මහතා පැවැසීය.
උඩරට වතු අයිතිකරුවකුගේ බිරියකට ඇස් රෝගයක් වැලඳිණි. අෑ ඇසට බෙහෙත් වැක්කිරීමට බිය වූවාය. ඒ නිසා ඉංග්‍රීසි ඇස් වෙදකමෙන්ද අෑට පලක් නොවීය. ඉලංගසිංහ නම් රටේ මහත්මයකු වෙත ගෙනෙනු ලැබූ අෑ තම ඇසට බෙහෙත් නොදමා රෝගය සුවකර දෙන ලෙස ඉල්ලා සිටියාය. බොහෝ කලක් පීඩාගෙන දුන් ඇගේ ඇස් ලෙඩට කළ පිළියම කුමක්ද? කොළ වගයක් ගෙනැවිත් අඹරා ඇගේ අල්ලේ ගා ටික වේලාවකට පසු අල්ල දෙසම බලා ගෙන සිටින ලෙස අෑට නියම විය. අෑට කළ වෙදකම එපමණය. අෑ ගෙදර ගියේ ඉමහත් සැනසිල්ලකිනි. මේ වූ කලී මාතලේ කොස්වත්තේ පැරැණි සිංහල ඇස් වෙදකමකි. කොස්වත්තේ ඇස් වෙදකම උගත් තවත් කිහිප දෙනෙක්ම ඇස් වෙද සම්මේලනයට සහභාගි වූහ.ඇතැම් ශල්‍යකර්ම සඳහා ඇස ගැලවීම හෝ ඉලිප්පීම අවශ්‍යය. මේ සඳහා කිසිදු උපකරණයක් නොයොදා කිරීමට තරම් සිංහල ඇස් වෙදකම දියුණු වී තිබිණි. නිලයක් ඇල්ලීමෙන් ඇස ඉලිප්පීමට දත් අය හඟුරන්කෙත හා ගම්පහ බෙම්මුල්ලේ ඇස් වෙද පරපුරුවල සිටි බව සැලවිය. වත්තේගම මීගම්මන පන්සලේ ලොකු හාමුදුරුවෝද මේ නිල ඇල්ලීම තමාට කළ හැකි බව කලකට පෙරදී පැවැසූහ. උන්වහන්සේගේ ගෝල හාමුදුරුවන් ළඟද පැරැණි වෙද පොත් ඇත. මෙවැනි නිල ඇල්ලීම් රාශියක්ම පුස්කොළ පොත්වල සඳහන් වේ.රොඩු, වැලි ආදිය ඇසට වැටුණු විට ඇසට කිසිම බෙහෙතක් නොදමා ඇස අල්ලන්නේ වුව නැතිව ඒවා ඉවත් කිරීමට පුළුවනි. බෙහෙතක් හපන්නට දීමෙන් තමාට එසේ කළ හැකි බව පවසයි. බෙහෙත් තෙලක් හිස ගැල්වීමෙන් ඒවා ඉවත් කිරීමට හැකි අයද සිටිති. තුවාල වී ලේ ගලන ඇසක ලේ නැවැත්වීමට ඉතා සුළු බේතකින් හැකි බව හඟුරන්කෙත පරපුරේ ඇහැළියගොඩ හේවාගම මහතා ප්‍රකාශ කරයි. සමහර ඇස් රෝගයන්ට සිංහල ඇස් වෙද මහතුන් කරන පිළියම් ඉතාම පුදුමජනකය. ලෙඩාට බෙහෙත් කිරීමක් නැත. ඒ වෙනුවට බෙහෙත් යොදන්නේ ලෙඩාගේ ගෙදර තිබෙන වතුර කළගෙඩියටය. මෙවැනි වෙදකම් හඳුන්වනු ලබන්නේ ‘කෙම්’ යනුවෙනි. බැලූ බැල්මට මේවා අද්භූත දේ ලෙස පෙනුණත් සියුම් ලෙස සොයා බැලුවොත් ඒ සියල්ලම ශාස්ත්‍රීය පදනමක් උඩ සකස් වුණු ඒවා බව පෙනෙනු ඇත. සැණෙකින් ගුණ දෙන තරම් බලවත් වූ බෙහෙත් කරල්, කුඩු, කෂාය, නශ්‍ය කරන දෑ සහ තෙල් වර්ග අපේ සිංහල ඇස් වෙද මහතුන් ළඟ තවමත් ඇති බව පෙනෙයි.
සිංහල ඇස් වෙදකමට ගන්නා බෙහෙත් සඳහා විශාල ලෙස මුදල් වියදම් කරන්නට සිදු නොවේ. වැඩිපුර ගනු ලබන්නේ මේ රටෙහි ඉතා පහසුවෙන් සොයා ගත හැකි බෙහෙත් වර්ගය. දැනට ඉංග්‍රීසි ඇස් වෙදකම සඳහා දරන්නට වන වියදමෙන් සියයෙන් පංගුවක් වුව වියදම් නොකොට රෝග සුව කිරීමට සිංහල ඇස් වෙදමට පුළුවනි. කෂාය හැර තෙල්, බෙහෙත් කරල්, කුඩු සහ සෝදන බෙහෙත් වතුර ආදිය ඉංග්‍රීසි වෙදකමේ මෙන්ම කලින් පිළියෙල කොට තබා ගත හැකිය. ඒ නිසා සිංහල ඇස් වෙදකම අනුව පිළියම් ලබා ගැනීමත් ඒ තරම් අපහසු කරුණක් නොවේ.මුළු රටේම සිටින ඉතාම දක්‍ෂ පැරැණි සිංහල ඇස් වෙද මහතුන්ගේ වෙදකම් හා ඒ පරම්පරාවල ඉතිහාසයද ඇතුළත්ව ලියන ලද ඇස් වෙද පොතක දැනට වෙදකම් කරන අය ගැනද සම්පූර්ණ විස්තරයක් ඇතුළත් කළහොත් ඕනෑම කෙනකුට ඒ වෛද්‍යවරුන් සොයාගෙන යෑම පහසු වෙනවා ඇත.සිංහල ඇස් වෙදකම සම්පූර්ණ පර්යේෂණයකට භාජන කොට අංග සම්පූර්ණ සිංහල ඇස් වෙදකමේ දියුණුවට හේතු වනු ඇත.

පීනස ඇති වෙන්නේ මෙහෙමයි

පීනස ලෙස හඳුන්වන රෝගයට බොහෝ දෙනා ගොදුරුව සිටිති. ඊට ගොදුරු වූ විට නිතර කිවිසුම් යැම, නාසයෙන් හෝ උගුරෙන් සෙම ගැලීම, නළල ප්‍රදේශයේ නිතර වේදනාව ඇතිවීම සිදුවන බව ඉන් පීඩා විඳින්නෝ පවසති.වෛද්‍යතුමනි, පීනස රෝගය ඇතිවීමට බලපාන හේතු මොනවාද?පීනස ලෙස හඳුන්වන්නේ කෝටරක ආසාදන තත්ත්වයටයි. මෙය ඇතිවීමට හේතු වන්නේ අසාත්මිකතාවයි.එනම් දූවිල්ල, සීතල පරිසරය, විවිධ ආහාරපාන, දූවිලි මැක්‌කා බල්ලන්, පූසන්, සුරතල් සතුන් ආදීන්ගේ රෝම, කැරපොත්තන්ගේ මළපහ ආදිය බොහෝ දෙනාට අසාත්මිකයි.අසාත්මිකතාවයේ දී අධික ලෙස ශ්ලේෂ්මල (සෙම) නිපදවෙනවා. එය සොටු දියර ලෙසින් නාසයෙන් පිටතට ගලා යනවා.ඊට අමතරව කිවිසුම්යැම, නාසය, උගුර කැසීම ආදී අපහසුතාවනුත් මතු වෙනවා.මෙලෙස අසාත්මිකතාව ඇති වෙන්නේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිවූ විටදීයි. එසේ ක්‍රියාකාරිත්වය වැඩිවූ විට අධි සංවේදීතාවක්‌ ඇති වෙනවා. ශ්වසන පද්ධතිය තුළත් මෙලෙස අධි සංවේදීතාව ඇතිවූ විට ශ්ලේෂ්මල (සෙම) අධික ලෙස නිපදවීම, කිවිසුම් යැම ආදිය ඇති වෙනවා.මීට අමතරව ජානමය හේතුත් බලපානවා. එනම් පරම්පරාවෙන් පරම්පරාවට යැම හෙවත් පීනස ඇති අයගේ දූ දරුවන්ටත් මෙම රෝගය මතුවිය හැකියි.
වෛද්‍යතුමනි, පීනස සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?පීනස සඳහා ප්‍රතිකාර කිරීමේදී එය සිදුකළ යුත්තේ රෝගය ඇතිවීමට බලපා ඇති අසාත්මිකතා හඳුනා ගනිමිනුයි. ඒ අනුව අසාත්මික වන ද්‍රව්‍යවලින් වැළකී සිටීම හෙවත් ඒවාට නිරාවරණය වීම අවම කර ගැනීම තුළින් පීනස ඇතිවීම වළක්‌වාගත හැකියි. එනිසා පීනස සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝගියා සමඟ සාකච්ඡා කර රෝග ඉතිහාසය හඳුනා ගැනීම පළමුව කළ යුතුයි.ඊට අමතරව ඇතැම් පුද්ගලයන්ට විවිධ ආහාර වර්ග ආහාරයට ගත්විට අසාත්මිකතා ඇති වෙනවා. එනම් ඇඹුල් කෙසෙල්, තක්‌කාලි, වම්බටු, අන්නාසි, බණ්‌ඩක්‌කා වැනි ආහාර ගත්විට අසාත්මිකතා ඇති වෙනවා.ප්‍රතිකාර ලෙස ස්‌ටිරෝයිඩ් වර්ගයේ ඖෂධ ලබාදීම මගින් සෙම සොටු ගැලීම වළක්‌වාලනවා. ඒ සඳහා එම ඖෂධ මාස දෙකක්‌, තුනක්‌ වැනි දීර්ඝ කාලයක්‌ ලබාගත යුතුයි.ඊට අමතරව වර්තමානයේ බටහිර රටවල අධිසංවේදීතාවය නැති කිරීම සඳහා එම සංවේදී වන ද්‍රව්‍ය යම් ප්‍රමාණවලින් ලබාදීම සිදු කරමින් අධි සංවේදීතාවය නැති කිරීමේ ප්‍රතිකාර සිදු කරනවා. නමුත් තවම එම ප්‍රතිකාර අප රටේ භාවිතා වන්නේ නැහැ.මෙලෙස පීනස සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීම සහ අසාත්මික වන ද්‍රව්‍යවලින් වැළකී සිටිමින් එය පාලනය කරගත යුතුයි. එසේ නොවුණහොත් පසු කලකදී ඇදුම වැනි රෝග ඇතිවීමට පීනස බලපෑ හැකියි.

වෛද්‍ය දමිත රොද්‍රිගූ

ආහාරවල නොදන්න ගුණ ඔබත් දැනගෙන ආහාරයට ගන්න

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ක්ෂණික නූඩ්ල්ස් වගේ අහිතකර අගුණ ආහාර වෙනුවට නිතර ආහාරයට එක්කර ගත හැකි ඉතාමත් ඉහළ පෝෂණ ගුණයක් අන්තර්ගත ආහාර ද්‍රව්‍ය කිහිපයක් පිළිබඳවයි මේ තොරතුරු.

කජු – කජු කන්න කවුද අකැමැති? හැබැයි දිනපතා කන කජු අහුරකින් අධි රුධිර පීඩනය අඩු කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? කජු කියන්නේ මැග්නීසියම් බහුල කෑමක්. රුධිර නාළ ලිහිල් කරලා, ඒවායින් රුධිර ගමනාගමනය පහසුවෙන් කරගෙන යන්න පුළුවන් විදියට සකසන්න මැග්නීසියම් මූලද්‍රව්‍යට පුළුවන්. මේ හේතුව නිසා හෘද ස්පන්දනය සාමාන්‍ය විදියට පවත්වාගන්නත් උදව් කරනවා.

සූදුරු – සූදුරුවල තියෙන ෆයිටොස්ටේරෝල් හරියට මිනිස්සුන්ගේ ඇඟේ තැන්පත් වෙන කොලෙස්ටරෝල් වගේ. එකම වෙනස වෙන්නේ ෆයිටොස්ටේරෝල් ශාකයක සෑදීම සහ කොලෙස්ටරෝල් වගේ ඇඟට අගුණ ජාතියක් නොවීමයි. ඒ වෙනුවට, ෆයිටොස්ටේරෝල්වලින්, අපේ ආහාර මාර්ගයේ තැන්පත් වුණු හානිකර කොලෙස්ටරෝල් වර්ග අයින් කරනවා. ඒ නිසා ඇඟේ බර අඩුකිරීමේ හැකියාවක් සූදුරුවලට තියෙනවා. තවත් දෙයක් මේ සූදුරුවල තියෙන ඉහළ යකඩ සංචිතය, මේකෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කිරීමක් වෙනවා.

මිදි – මොළය ඇතුළු මධ්‍ය ස්නායු පද්ධතිය හොඳ තත්ත්වයෙන් තියාගන්න, මිදිවල ඇති ඇන්තෝසයනින්වලින් ලොකු දායකත්වයක් සැපයෙනවා. වයසට යද්දී ගොඩක් වැඩිහිටියන්ගේ දකින්න ලැබෙන අමතක වීමේ ගතිය අඩු කරවන්නත් මිදිවලට පුළුවන්.

පැණි කොමඩු – කොමඩුවල තියෙන දියරමය ගතිය නිසා, මලබද්ධය ඇතිවීමේ ඉඩ අඩුවෙනවා. අපි ගන්න කෑමවලින් ඇඟට උරා නොගත්ත ඒවා ඇඟෙන් පිටකරන්නේ බහිස්‍රාවී පද්ධතියෙන්. ඒ වැඩෙත් ලේසි කරන්න කොමඩුවලට පුළුවන්. මේ නිසාම වකුගඩුවල කාර්යය යහපත් කිරීමකුත් මෙතැනදී සිද්ධ වෙනවා. ඒ වගේම, වකුගඩුවල ඇතිවෙන ගල්වලටත් මේක විසඳුමක් බව ඔබ දැනගෙන හිටියද? කුඩු කරපු කොමඩු ඇට තේ හැන්දක්, උණු කරලා නිවපු වතුර පයින්ට් එකක් එක්ක එකතු කරලා දිනපතා වීදුරු තුනක් බොන්න; වකුගඩු අමාරු සේරම සනීප වෙයි.

ලෙමන් – ඇඹුල් රසට තිබුණට, ලෙමන් කියන්නේ සෑහෙන්න ප්‍රයෝජන තියෙන පලතුරක්. ලෙමන්වල පෙක්ටින් කියන කෙඳි වර්ගය තියෙනවා.ඇඟේ මහත අඩු කරගන්න උදවියට පෙක්ටින් කෙඳිවලින් ලැබෙන්නේ ලොකු අනුබලයක්. මලබද්ධය ඇතිවීම අඩුකරලා, ආහාර ජීර්ණය වැඩි කරන්නත් ලෙමන් වතුරවලට පුළුවන්. ඒ වගේම පොටෑසියම් ඉහළ පලතුරක් නිසා, නිරෝගී ස්නායු පද්ධතියක හිමිකාරයෙක් වෙන්නත් ලෙමන් වතුර ඉඩ සලස්වනවා.සාමාන්‍යයෙන් විෂබීජකාරක බැක්ටීරියා වර්ග ඇඟට ඇතුළත් වුණාම, හරි වේගයෙන් වැඩීමේ හැකියාවක් ඒවාට තියෙනවා. අන්න ඒක වළක්වන්නත් ලෙමන් වතුරවලට පුළුවන්.

කෙසෙල් – කෙසෙල් කියන්නේ දියවැඩියාව වැඩි කරන පලතුරක් විදියටයි ප්‍රසිද්ධ. මේකට හේතුව වෙන්නේ කෙසෙල්වල තියෙන ඉහළ කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයයි.ඉතින් කෙසෙල් ඉදෙන තරමට, මේවායේ තියෙන කාබෝහයිඩ්‍රේට ප්‍රතිශතයත් වැඩි වෙනවා. අපේ ඇඟේ සීනි වැඩි කරන්න කාබෝහයිඩ්‍රේට තරම් ලේසි පෝෂ්‍ය පදාර්ථයක් වෙන නැති තරම්.එහෙමයි කියලා කෙසෙල් නොකා ඉන්න හෝ අමු කෙසෙල් ගිලින්න යන්න එපා. හොඳම දේ තෝරා බේරාගෙන පොඩි ප්‍රමාණවලින් ගන්න එක. ඒ වගේම බෙරිවෙන්න ඉදුණු කෙසෙල් කන්නත් එපා. ඉදීගෙන එන කහ, කොළ පාටවල් එකට මුසුවෙලා තියෙන කෙසෙල් කෑමට ගන්න. මොකද කෙසෙල්වල තියෙන කෙඳි, අපේ ගන්න ආහාර ජීර්ණය කරන්න සෑහෙන්න වැදගත්. කාබෝහයිඩ්‍රේට ජීර්ණය කරලා, අනවශ්‍ය කොටස ඇඟෙන් පිටකරන්න මේවාට හැකියාව තියෙනවා.

ලූනු – ඇදුම අඩු කරන්න පුළුවන්කමක් ලූනුවලට තියෙනවා කියලා දැනගෙන සිටියාද?ඒ වගේම සමහර පිළිකා වර්ග ඇති නොවෙන්න වග බලාගන්නත් මේ ලූනුවලට පුළුවන්ලු. දවස් පතා අනිත් කෑමත් එක්ක ලූනු ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ස්වරාලයේ, ඩිම්බ කෝෂවල ඇතිවෙන්න පුළුවන් පිළිකා බොහොමයක් මඟහැරවීමේ හැකියාවක් තියෙනවා. අනික ඔස්ටියෝපොරෝසිස් වගේ අස්ථි රෝගවලින් බේරෙන්නත් මේවා හොඳයි.

ගෝවා – ගෝවාවල ලොකු සල්ෆර් සංචිතයක් තියෙනවා. ඒ නිසාම අපේ ලේ පිරිසුදු කරන්නත් ගෝවාවලට පුළුවන්.ඒ වගේම විටමින් බහුල එළවළු කිහිපයෙන් එකක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්. ඒ නිසා හම ලස්සනට තියාගන්න ගොඩක් වැදගත් වෙනවා.

ලීක්ස් ලීක්ස්වල වතුර ප්‍රතිශතය සෑහෙන්න වැඩියි. ප්‍රතිජීවකයක් විදියටත් ක්‍රියා කරන බවයි කියැවෙන්නේ.

බීට්රූට් විටමින් ඒ, සී, අයඩීන්, මැන්ගනීස්, සෝඩියම්, පොටෑසියම් වගේ මූලද්‍රව්‍යවලින් පිරුණු බීට්රූට් ගොඩක් ගුණ ඇති කෑමක්. ඇඟේ තියෙන ලේ ඔක්සිජනීකරණය කරන්න, එහෙනම් නැත්නම් රුධිර සෛලවලට ඔක්සිජන් සැපයීමේ හැකියාවක් මේවාට තියෙනවා.බීට් ගහේ කෑලිත් කන්න පුළුවන් නම් තමයි වැඩියෙන්ම හොඳ. මේ කොළවල ඉතා ඉහළ යකඩ සංචිතයක් තිබෙනවා.

Economy recovers to 3.7% growth

The Department of Census and Statistics (DCS) in releasing National Accounts estimates for the second quarter of 2018 yesterday said that economic growth rate of the country is estimated as 3.7% for the second quarter of 2018. The Gross Domestic Product at constant (2010) prices for the second quarter of2018 recorded as, Rs. 2,264,445 million, and GDP reported for second quarter of 2017 was Rs. 2,183,122 million.

The four major components of the economy – Agriculture, Industry, Services and Tax – less subsidies on products have contributed their shares to the GDP at current price by 8.4%, 25.6%, 57.1% and 8.9% respectively.In 2Q, Agricultural activities expanded favourably by 4.5%, compared to the contraction of 3.1% reported in the second quarter of 2017. The Industrial activities performed a slight expansion of 2.3% and Service activities expanded further by 4.8% during the second quarter of 2018, compared to second quarter of 2017.

Among the sub activities of Agriculture, ‘Growing of Cereals, ‘Growing of Rice’, ‘Growing of Vegetables’ and ‘Growing of Oleaginous fruits including coconut’ have expanded by 19.2%, 59.3%, 9.6% and 5.4% respectively recovering the heavy contractions recorded in the second quarter of 2017. The sub activities of ‘Growing of fruits,’ Growing of Spices,’ ‘Animal production’ and ‘Fresh water fishing’ have further expanded by 6.9%, 3.1%, 2.6% and 32.8% respectively. In the meantime ‘Growing of Tea and ‘Growing of Rubber’ reported substantial declines of 7.1% and 11.9% while a slight contraction of 0.5% is recorded for ‘Marine Fishing’.

The Industrial activities which share one fourth of the GDP in the second quarter of2018, expanded by 2.3%. The manufacturing sector alone has expanded further by 3.2% during this period, supported mainly by the sub activities of ‘Manufacture of food, beverages and tobacco,’ ‘Manufacture of textile and wearing apparels,’ ‘Manufacture of coke and refined petroleum products,’ ‘Manufacture of basic metals and fabricated metals’ and ‘Manufacture of furniture,’ which recorded positive growth rates of 5.2%, 1.9%, 22.4%, 6.3% and 5.9% respectively.

The ‘Construction’ activity, one of the main contributors, to the total GDP, grew moderately by 1.4% in this quarter compared to the 6.0% growth recorded in the second quarter of 2017. The sub activity of ‘Electricity gas, steam and air’ reported a considerable growth of 2.3% in the second quarter of 2018.Three-fifth of overall GDP is shared by the service economy of the country recorded an expansion of 4.8% in the second quarter of 2018, when compared to the same quarter in year 2017. Performance of the service activities were strengthened by the sub activities of ‘Wholesale and retail trade,’ ‘Accommodation, food and beverage services,’ ‘Telecommunication services,’ ‘Information Technology services,’ ‘Financial services,’ ‘Insurance services,’ ‘Real Estate activities’ and ‘Other personal service’ expanded by 4.9%, 6.4%, 14.4%, 9.0%, 12.0%, 11.0%, 3.7% and 4.8% respectively compared to the second quarter of 2017. The activity of ‘Programming and broadcasting’ contracted substantially by 15.5% within this quarter compared to the respective quarter in 2017.DCS stated that a detailed report on the National Accounts estimates for the second quarter of 2018 has been published in the DCS

Let’s observe this ‘Double Joint’ Understanding the Hypermobility Syndrome

We may come across individuals who claim to have ‘loose’ or ‘double joints,’ but the condition they are actually referring to is hypermobility.For acrobats, athletes and dancers, being graced with natural hypermobility may be perceived as a major advantage against their less (naturally) flexible competitors. However its precarious side, especially in the long-run and its connection to more serious issues like Ehlers-Danlos or Marfan Syndromes is one that isn’t commonly discussed. Shedding light on all the aspects of Hypermobility, Dr. Himantha Atukorale, Consultant in Rheumatology and Rehabilitation spoke to the
Health Capsule.

Defining Hypermobility
While society most often views this condition as a case of extreme flexibility of certain parts of the body, Dr. Atukorale explained that there’s more to it.
“Hypermobility takes into consideration the joint mobility. That is; how moveable the joints are. There are various reasons as to why the joints move beyond the normal range of movement. Any condition that can cause an excessive movement of joints, we define as a hypermobility syndrome.”

He added that hypermobility considers the “elasticity of the tissues that surround the joint. The area within the joint is healthy, the bones are alright, but somet aspects surrounding the bone including the capsules, the muscles, and the ligaments being elastic can give rise to excessive mobility.”

Causes of Hypermobility
“It could be inherited. There is familial hypermobility syndrome where certain families and their children have hypermobility. This is the commonest cause, but mutations are also possible, where suddenly someone gets it and it cannot be traced back to parents or relatives.”
Dr. Atukorale also mentioned that there are Syndromes associated with hypermobility -such as Marfan or Ehlers-Danlos – usually  inherited disorders that are passed on to children by their parents.

Signs and symptoms
According to the American College of Rheumatology, while some children may have no symptoms, others may have joint and muscle pains or mild swelling in the late afternoon or evening or after exercise. These aches and pains are more common in the knees, elbows, and calf and thigh muscles. Symptoms usually improve with rest.Hypermobile children are more prone to sprains, soft tissue injuries and dislocations of affected joints. Some children may have chronic pain. Others may have loose skin, increased bruising, thin scars and nerve compression disorders.Growing pains may be more common with hypermobile children. These are cramping or deep, aching pains of the legs, thighs or calf muscles. They typically occur at night and usually are relieved by massage. The involved joints do not tend to have any signs of inflammation like redness or warmth.
Most children become less flexible as they grow older, and their symptoms improve. Rarely, however, symptoms may persist, and a few people are prone to recurrent injuries or dislocations.

Associated risks
While it is common to see children with hypermobility compete seriously in the sporting arena, their temporary edge over the rest may take a turn with time.
“Children with hypermobility may excel in activities like gymnastics, but the long-term outcomes may be disastrous, if they are not properly trained. Excessive training of the body to accept hypermobility may lead to joint instability later on. So they are more prone to joint disease later on in their adulthood,” Dr. Atukorale stated.

“There are serious instances when hypermobility may cause other problems like issues with blood vessel or heart problems. People who have various imbalances in their spine or joints may encounter secondary problems. For example, if someone with hypermobility has an abnormal spinal curvature, this could put pressure on their other healthy structures and cause long-term joint diseases or muscular skeletal pain,” the doctor said.

And as mentioned earlier, there is the possibility that, children may have a more widespread connective tissue disorder associated with their hypermobility such as Marfan or Ehlers-Danlos syndrome.

Diagnosis
Most often, hypermobility is detected and diagnosed when they are children or adolescents. Dr. Atukorale described the use of the Beighton Score System to diagnose hypermobility. This assesses how long the pain has persisted, the symptoms experienced and studies the relevant joints which include toes, ankles, hips and even the neck.“Some may have only three or four joints with hypermobility, where as other joints are healthy. It is debatable if we should still classify such children as hypermobile, but we still go ahead with physiotherapy and exercises to minimize the symptoms and stabilize the joints,” he explained.Dr. Atukorale continued that while some people seek medical help as a result of experiencing joint pains and aches, others ( predominantly adolescents) simply discover that they possess hypermobility and consult them with inquiries about the condition. He stressed that early and apt diagnosis is crucial in preventing injuries.
After assessment, the hypermobility may be categorised as mild, moderate or severe. If it is severe, they are given expansive lifestyle modification advice, but if it is mild they are simply directed to physiotherapy.

Treatment of Hypermobility
“There is no proper cure as such for hypermobility, because it affects your connective tissue. This cannot be reversed or changed by administering drugs. If it does persist, the main thing we do is give good advice as what not to do in their adulthood,” Dr. Atukorale expressed.He added that if a patient with severe hypermobility is engaged in a profession that demands much manual labour, they may be advised to consider a career change in order to avoid many health issues. In addition, even when it comes to sports or fitness, hypermobile people are discouraged from certain activities like weightlifting which might prompt serious spinal problems.“Pain killers and other tablets don’t usually work. The underlying issue cannot be addressed using painkillers or tablets. Even if it helps in the short-run, in the long run there could be serious side effects from these tablets. So we recommend physical therapy instead,” Dr. Atukorale said.