ฝา กไว้ให้คิ ด เ รื่ อ งเล่าของดอกไม้

ฝา กไว้ให้คิ ด เ รื่ อ งเล่าของดอกไม้

นานมาแล้วดอกไม้และใบไม้ยังไม่ได้รวมอยู่บนต้นเดียวกันอย่างทุกวันนี้ มันต่างแยกกันอยู่อีกทั้งเหล่าใบไม้ก็ไม่ได้มีแต่สีเขียวหากแต่มีหลากหลายสีสันงดงามนัก แต่ดอกไม้กลับมีเพียงสีขาวเท่านั้น ใบไม้รวมอยู่กับห มู ่ใบไม้ด้วยกันมีแต่ความร่าเริง มีนิ สั ยรักสนุก ต่างจากดอกไม้ที่อยู่อย่างเงียบเหงาเดียวดายแม้จะอยู่ร่วมกันกับห มู ่ดอกไม้ก็ตามแต่ดอกไม้แต่ละดอกต่างมีความคิดเเละความฝันเป็นของตัวเอง เธอเฝ้ารอบางสิ่งบางอย่างที่เธอเองก็ไม่รู้ว่ามันคืออะไร บ่อยครั้งที่เธอมองไปที่ใบไม้แล้วนึกอย า กเป็นส่วนหนึ่งของสีสันสวยงามนั้นบ้าง แต่ดอกไม้ดอกเล็กและเสียงเบาเกินกว่าที่จะเรียกใบไม้ให้หันมาได้

กระทั่งวันหนึ่ง ใบไม้เกิດเ บื่ อสีสันของตัวเอง พลันสายตาเหลือบไปเห็นดอกไม้สีขาวบริสุทธิ์ดอกหนึ่งเข้า ใบไม้ไม่รู้จักสีขาวมาก่อน เพราะใบไม้ต่างก็มีสีสันทุกใบ ใบไม้เกิດความหลงไหลดอกไม้ทันที ใบไม้จึงเข้าไปถามดอกไม้ว่า เธอช่างมีสีขาวที่สวยเหลือเกิน แต่ทำไมเธอจึงดูเงียบเหงาแบ บนี้ล่ะ ดอกไม้ตอบว่า สีขาวซีดอ ย่า ง นี้หรือสวย ฉันอย า กจะมีสีสันอย่างเธอบ้างจัง คงจะมีชีวิตชีวาขึ้นมาก

ใบไม้จึงบอกว่า มาซิดอกไม้ฉันช่วยเธอได้นะ ถ้าเพียงเธอมาอยู่กับฉัน ฉันจะทำให้เธอมีชีวิตชีวาขึ้นเอง ดอกไม้รีบตอบตกลงทันที เมื่อดอกไม้ไปอยู่กับใบไม้ก็ให้การดูแลเธออย่างดี ทุกสิ่งทุกอย่างที่เขาทำเพื่อเธอ ถ่ายทอดออกมาเป็นสีสันสวยงามให้กับดอกไม้

แล้ววันหนึ่งเมื่อดอกไม้น้อยมองลงไปในลำธารเธอก็เห็นเงาตัวเองเป็นดอกไม้ที่มีสีสวย แต่เมื่อหันไปมองใบไม้เขากลับกลายเป็นสีเขียวที่ดูอบอุ่น ดอกไม้จึงถามว่า

ใบไม้ นี่ฉันແย่งสีสันในชีวิตเธอมารึเปล่านะ ใบไม้ยิ้มแล้วตอบกลับมาว่า ไม่หรอกทุกวันนี้เธอคือสีสันในชีวิตของฉัน ฉันไม่ต้องการสีสันอะไรอีกแล้ว ฉันสบายใจที่เห็นเธอมีความสุข

จากนั้นมาดอกไม้และใบไม้ได้อยู่ร่วมกันเป็นต้นไม้ที่อบอุ่นบนรากของความรักที่หยั่งลึกลงไปในผืนดินของหัวใจ ด้วยเหตุนี้ใบไม้จึงมีสีเขียว ที่มองแล้วรู้สึกสบายตา ส่วนดอกไม้สีขาว แสดงถึงความบริสุทธิ์อ่อนหวานละมุนละไมนั้นดอกไม้คงไม่อย า กให้ความรู้สึกเหล่านี้หายไป จึงยังคงมีดอกไม้สีขาวให้เราเห็นมาจนทุกวันนี้

หนังสือ 9 เล่ม กับถ้อยคำสร้างแรงบันดาลใจสู่ความสำเร็จ

จากหนังสือ คิดใหญ่ ไม่คิดเล็ก The Magic of Thinking Big

“ชีวิตนี้สั้นเกินกว่าที่จะเป็นคนคิดเล็ก”

“ความศรัทธานั้นสามารถเคลื่อนได้แม้กระทั่งภูผา”

“จงสร้างความมั่นใจ และทำลายความกลัวโดยการปฏิบัติ”

จากหนังสือ วิถีผู้นำสู่ความสำเร็จ

“จงเปลี่ยนแปลงตัวเอง ก่อนที่จะถูกบังคับให้เปลี่ยนแปลง”

“ต้นไม้สูงใหญ่ ถือกำเนิดจากหน่ออ่อน

หอสูงเก้าชั้นเกิດจากดินหนึ่งกอง การเดินทางพันลี้เริ่มที่ก้าวแรก”

จากหนังสือ The 7 Habits of Highly Effective People

“หากคุณต้องการเปลี่ยนแปลงชีวิตเพียงเล็กน้อยจงเปลี่ยนพฤติกssม

แต่หากคุณต้องการเปลี่ยนแปลงครั้งยิ่งใหญ่จงเปลี่ยนกรอบความคิด”

จากหนังสือ Think and Grow Rich

“คนที่ยอมแพ้ไม่เคยชนะ และผู้ชนะไม่เคยยอมแพ้”

“ความสำเร็จไม่ต้องการคำอธิบาย ความล้มเหลวไม่ยอมรับคำแก้ตัว”

จากหนังสือ ใครเอาเนยแข็งของฉันไป Who Moved My Cheese?

“จงมีความสุขกับการเปลี่ยนแปลง”

จากหนังสือ พ่อຣวຢสอนลูก เงินสี่ด้าน Rich Dad’s Cash flow Quadrant

“ความล้มเหลวเป็นส่วนหนึ่งของความสำเร็จ คนที่ไม่เคยประสบความสำเร็จคือคนที่ไม่เคยล้มเหลว”

จากหนังสือ ถอดรหัสลับสมองเงินล้าน Secrets of the Millionaire Mind

“ถ้าอย า กมีชีวิตที่ดีกว่าเดิม ก็ต้องเต็มใจยอมปล่อยวางวิธีคิดและการใช้ชีวิตแบบเดิม

แล้วนำวิธีคิดแบบใหม่เข้ามาสู่ชีวิต”

จากหนังสือ กินกบตัวนั้นซะ Eat That Flog

“จงเริ่มต้นคิดแล้วความคิดจะไหลลื่น จงลงมือทำแล้วงานนั้นจะเสร็จลุล่วง”

“บางทีคำที่สำคัญที่สุดในโลกของการทำงาน น่าจะเป็นคำว่า ทำประโยชน์”

จากหนังสือวิธีชนะมิตรและจูงใจคน How to Win Friends and Influence People

“ความมุ่งหมายที่ยิ่งใหญ่ของการศึกษาไม่ใช่เพื่อหาความรู้อย่างเดียว แต่จะต้องปฏิบัติด้วย”

ถ้อยคำสร้างแรงบันดาลใจที่ได้จากการอ่ า นหนังสือนั้นทุกคนก็คงมีเหมือนกัน ผมเองก็มีเยอะครับ ในช่วงหลังมาผมก็มักจะจดบันทึกเวลาพบถ้อยคำหรือข้อความที่เราชอบไว้ เพื่อเป็นการตอกย้ำความคิด การอ่ า นหนังสือซ้ำก็เป็นการตอกย้ำความคิดเช่นกัน ยิ่งถ้าเราอ่ า นหนังสือที่ดีจดจำข้อความดี ถ้อยคำดี และความคิดดีจากในหนังสือ จะตอกย้ำลงในใจเรา เมื่อถึงเวลาที่เราต้อง ตั ดสินใจ หรือคิดทำอะไรสักอย่างหนึ่ง สิ่งต่างที่เราตอกย้ำไปจะผุดขึ้นในมาในหัวเรา เมื่อความคิดเราเปลี่ยน การกระทำของเราก็จะเปลี่ยนตาม และแน่นอนว่าผลที่ได้ก็ต้องเปลี่ยนไปในทางที่ดีขึ้น หลายคนอาจแย้งว่า “อ่ า นหนังสือไปแล้วเยอะมาก ซื้อหนังสือหมดเงินไปไม่รู้เท่าไหร่ ไม่เห็นจะประสบความสำเร็จอย่างในหนังสือเลย” ผมอย า กให้คุณลองอ่ า นซ้ำอีกครั้ง อ่ า นให้ละเอียดทำความเข้าใจอีกครั้ง ใครที่คิดว่าการอ่ า นหนังสือเพียงครั้งเดียวก็ถือว่าได้อ่ า นแล้วยังไม่ใช่ครับ เราไม่สามารถที่จะเข้าใจ จดจำและนำไปใช้ได้ มันอาจจะเพียง ผ่านสายตา คุณอาจจะจำข้อมูลในหนังสือได้หรืออาจจะจำไม่ได้เลยด้วยซ้ำ ผมเองก็เป็นสำหรับหนังสือบางเล่มซึ่งก็ย ากที่จะเข้าใจ เพราะมันยังไม่ถูกตอกย้ำลงในใจ ทำให้ข้อมูลดียังไม่ได้ฝังลงไปในจิตใต้สำนึกของเรา เราจึงยังไม่เปลี่ยนพฤติกssม และเมื่อยังไม่เปลี่ยนพฤติกssม ผลลัพธ์ก็เหมือนเดิม และถ้าหากว่าคุณอ่ า นอย่างละเอียดและมั่นใจว่าเข้าใจอย่างถ่องแท้แล้ว

මුණගැහෙන එක නුවණට හුරුයි!

මානසික ප්‍රශ්න නැත්තේ කාටද? ගොඩක් වෙලාවට මිනිස්සු හිතන්නේ, මානසික රෝගී තත්ත්වයක් කියන්නේ අර වැරහැලි ඇඳගෙන පාරේ කෑ ගහ ගහ යන එන මිනිස්සුන්ට තියෙන තත්ත්වය විතරයි කියලා. හැබැයි ඉතින් ඇත්ත ඒක නෙවෙයි. අපිට සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිපුර කේන්ති යෑම, තනිකම තදින් දැනීම, අධික දුකෙන් ඉඳීම වගේ ගොඩක් දේවල් මානසික රෝග ගණයට වැටෙනවා. ගොඩක් වෙලාවට උපදේශනය ඔස්සේ හරි වෙනත් ප්‍රතිකාර ඔස්සේ හරි මේ කියන මානසික ගැටළු ඉතාම පහසුවෙන් විසඳගන්නත් පුළුවන්. ඉතින් ඊට කලින් මේ රෝගී තත්ත්වයන් ගැන දැනගෙන ඉන්නත් ඕනනේ. ඇත්තටම අපිට ප්‍රතිකාරයක් හෝ උපදේශනයක් මගින් විසඳගන්න පුළුවන් මානසික තත්ත්වයන් ගොඩක් දෙනෙක් උදවු ලබාගත යුතු තත්ත්වයන් කියලා හිතන්නේ නෑ. ඒ නිසාම සමහර වෙලාවට තත්ත්වය වඩාත් බරපතල අතටත් පෙරලෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි හිතුවා පුළුවන් තරම් සරලව, වර්තමානයේ වැඩි වශයෙන්ම තියෙන මානසික සංකූලතා විදියට වර්ධනය වෙන්න පුළුවන් ලක්ෂණ කීපයක් ගැන විස්තර කියන්න. මේ ලක්ෂණ වලින් එකක් හෝ කීපයක් හෝ තියෙනවා නම් මානසික වෛද්‍යවරයෙක්ව හරි උපදේශකවරයෙක්ව හරි මුණගැහෙන එක වඩාත් නුවණට හුරුයි!

1. මම නිතරම හරිම දුකෙන් – ජීවිතේ කියන්නේ දුක සැප නිති පෙරලෙන චාරිකාවක්නේ. එතනදී අපිට එක පිට එක කරදර එනකොට, අපි ආදරේ කරන අය අපිව දාලා යනකොට, ජීවිතේ අවාසනාවන්ත දේවල් වෙනකොට දුක හිතෙනවා. හැබැයි කොයි තරම් දරාගන්න අමාරු දුකක් ආවත්, ඒ දුක හැමදාමත් තියෙන්නේ නෑ. හෙමිහිට කාලයත් එක්ක නැතිවෙලා යනවා. හැබැයි ජීවිතේ හැම කටයුත්තකදීම, හැම දිනයකදීම ඔබ ඉන්නේ දුකෙන් නම්, ඒක සාමාන්‍ය දුකටත් වඩා අර දීර්ඝ කාලයක් තිස්සේ පවතින ශෝකාකූල තත්ත්වයක් නම්, එදිනෙදා කටයුතු පවා ඒ නිසා අඩාල වෙනවා නම් උපදේශන සහාය පතන එක හොඳයි. එහෙම දිගින් දිගටම පවතින ශෝකී තත්ත්වයක් කියන්නේ සරල කාරණයක් නෙවෙයි.

2. මට කිසි දෙයක් ෂුවර් නෑ, හැමදේම හරියන්නෙ නැති වෙයි – අපිට ජීවිතේ කරන කියන දේවල් ගැන සමහර වෙලාවට ෂුවර් එකක් නැතිවෙන එක, අර දොස්තර හොඳහිත එකේ චව් චව් වගේ එකෙක් හිත ඇතුළේ ඉඳගෙන ඕක හරියන්නෙ නෑ කියන එක අමුතු කතන්දරයක් නෙවෙයි. සමහරු එහෙම ෂුවර් නැති, බය ගතිය නිසා හැමදේම තමන්ගේ ප්‍රවේසම් සීමාවේ ඉඳගෙන කරන්න උත්සාහ කරනවා. තව සමහරු කිඹුල්ලු ගඟේ ඉන්නවද කියලා බලන්න බැහැලම බලන්න ඕන කියලා ෂුවර් නැති එක පැත්තක දාලා ඉස්සරහට පනිනවා. ඕක ලෝක සොබාවය. හැබැයි මේ ෂුවර් නැති ගතිය, දෙයක් කරන්න තියෙන බය නිසා ජීවිතේ කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නැතිනම්, අවුරුදු කීපයක ඉඳලම ජීවිතේ ඉස්සරහට යෑමක් නැතිනම්, රස්සාවක් වත් හරියට කරගන්න හිතෙන්නේ නැති නම් අන්න ප්‍රශ්නයක්. ඒකට උපදේශන සහාය අවශ්‍යයි.3. මට ඔක්කොම එපා වෙලා – සාමාන්‍යයෙන් අපේ වැඩ හිර වෙනකොට, ජීවිතේ ප්‍රශ්න එනකොට අපිට ඔක්කොම එපා වෙලා කියන හැඟීම එනවා. හැබැයි අපි ඊලඟ දවසෙත් නැගිටලා වැඩට යනවා. ඒත් අපිට මේ ඔක්කොම එපා වෙලා කියන හැඟීම, ජීවිතේ කිසිදෙයක් කරගන්න බැරි තරමට දැනෙනවා නම්, පුදුමාකාර සාංකාවක් නිරන්තරයෙන්ම දැනෙනවා නම්, හැමදෙයක් ගැනම හරි කණස්සල්ලක් දැනෙනවා නම්, කොටින්ම කිසිම දෙයක් කරන්න බෑ -මට මහන්සියි වගේ එකක් දැනෙනවා නම් කරුණාකරලා වෘත්තිය උපදේශන හෝ වෛද්‍ය සහාය ලබාගන්න යොමුවෙන්න!

4. හෙට සිගරට් නතර කරන්න ඕන, අදට බොනවා! – අපිට අවංකවම කියන්න බැහැ මත්පැන් හෝ සිගරට් කියන්නේ කෙනෙක් පාවිච්චි නොකළ යුතු දේවල් කියලා. මොකද ඔය දෙකෙන් එකක්වත් නීති විරෝධී නෑ. ඒ වගේම ඉඳලා හිටලා කලාතුරකින් මත්පැන් ටිකක්, සිගරට් එකක් බොන එකෙන් සෞඛ්‍යය චකබ්ලාස් වෙනවා කියන්නත් බෑ. හැබැයි මේ දේවල වෙන පැත්තක් තියෙනවා. ඒ තමයි ඇබ්බැහිය. පොඩි පිරිසකට පුළුවන් මත්පැන් හෝ සිගරට් විතරක් නෙවෙයි, වෙන නීතියෙන් තහනම් මත්ද්‍රව්‍යයක් වුනත් එක පාරක් දෙපාරක් පාවිච්චි කරලා ඇබ්බැහි නොවී ඉන්න. හැබැයි වැඩි පිරිසකට එහෙම හැකියාවක් නෑ. ඒ අය එක පාරක් මේ දේකට යොමුවුනත් නවත්ත ගන්න බැරි විදියට දුර යන්න පුළුවන්. දැන් ඔයාට හිතෙනවා නම් මත්පැන් හෝ සිගරට් හෝ මත්ද්‍රව්‍ය පාවිච්චිය තවදුරටත් නවත්ත ගන්න බැහැ කියලා, ආන්න එහෙමනම් මානසික ප්‍රතිකාර විතරක් නෙවෙයි, ශාරීරික ප්‍රතිකාරත් අවශ්‍යයි කියන එක තේරුම් ගන්න වෙනවා. මේ වගේ තැනකදී සම්පූර්ණ පුනරුත්ථාපනයක් අවශ්‍යයි.

5. මට මල පනිනවා සාන්ත – ඔය සමහර ගෑණු ළමයි එහෙම ඉන්නවා, අහල බලන්න මොකද්ද ඔයාගේ නරකම ගතිගුණේ කියලා. ඒ අය කියන්නේ මට තරහ යන එක තමයි නරකම දේ කියලා. හැබැයි තරහ ගියාට මගෙ හිත හොඳයි කියලත් ඒ අය කියයි. ඇත්තටම අපි හැමෝටම තරහ යනවා. කොතනදීද තරහ යන්නෙ කියන එක තීරණය වෙන්නේ ඉවසීමේ මට්ටම මත. ඒ ඉවසීමේ මට්ටම පැන්න ගමන් ආයෙ ශාන්තිවාදී තාපසයට වුනත් නහුතෙට නගිනවා. ඉන් පස්සේ ඒ කේන්තිය හෙමිහිට බැහැලා යනවා. හැබැයි සමහරු ඉන්නවා ගැහැණු, පිරිමි දෙගොල්ලම – මේ අයට ආයෙ කේන්ති යන්නේ සුළිකුණාටුවක් වගේ තමයි. මෙහෙම අය නිරන්තරයෙන් බඩු පොලවේ ගහනවා, අනික් අයට පහර දෙනවා, තමන්ටමත් හානි සිද්ධ කරගන්නවා. දැන් ඔයත් ආන්න ඒ වගේ රතු කට්ට කුඩු වෙන්නම කේන්ති ගිහිල්ලා අලාභ හානි පවා නිරන්තරයෙන්ම සිද්ධ කරන කෙනෙක් නම්, ආයෙ තරහ ගියාට මගේ හිත හොඳයි කිය කියා ඉන්න එපා. කරුණාකරලා මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්න.

6. මට වැලක යට ඇඳුමක් පේන්න බෑ! – සාමාන්‍යයෙන් අපි මිනිස්සු විදියට තවදුරටත් ලිංගික ක්‍රියාවල නිරත වෙන්නේ වර්ගයා බෝ කරන්නම නෙවෙයිනේ. ඊට වඩා ලිංගිකත්වය කියන්නේ මිනිස්සුන්ට ආට් එකක්. හැබැයි ඒ ආට් එක කරන ක්‍රමයක් තියෙනවා. ඔය අල්ලපු වත්තේ වැලක යට ඇඳුමක ඔය ආට් කරන්න යන එක, අනික් මිනිස්සු ඔය ආට් කරන එව්වා හොරෙන් බලන එක, බස් එකකට නැග්ගොත් මෙලෝ ආට් එකක් නැතුව ගෑණු කෙනෙක්ට ලිංගික හිරිහැර කරන්න හිතෙන එක නම් සෑහෙන් ගැටළුවක්. ආන්න එහෙම අය ලිංගිකත්වයේ ආට් හොය හොයා ඉන්නෙ නැතුව වහාම යන්න ඕන මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්න. මොකද ඕක මානසික ගැටළුවක් මිසක් ලිංගිකත්වයේ අහවල් ආට් එකක් නෙවෙයි!

7. මට කුකුලෙක් දැක්කත් බයයි, මාලුවෙක් දැක්කත් බයයි! – අපි හැමෝම බය එක එක සීන් තියෙනවා. ගොඩක් දෙනෙක් කැරපොත්තන්ට බයයි. ගොඩක් දෙනෙක් සර්පයන්ට බයයි. සමහරු කූඹින්ටත් බයයි. හැබැයි ඔය බය සීන් එකේ තියෙනවා දෙකක්. එකක් තමයි අසීමාන්තික බය. ඒ කියන්නේ කැරපොත්තෙක් දැක්කොත් කෑ මොර තියාගෙන පුටුවක් උඩට නගින එක එකක්. හැබැයි කැරපොත්තෙක්ව දැක්කොත් වෙව්ලලා, දාඩිය දාලා ලොකු ශාරීරික අපහසුවක් දැනෙන එක, එහෙම නැතිනම් දකින්න නැති කැරපොත්තන්ට පවා දක්වන උමතු බය කියන්නේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක්. ෆෝබියා ගැන අහලා ඇතිනේ. එතකොට දෙවෙනි කාරණය තමයි එදිනෙදා ජීවිතේදී අපිට මුණගැහෙන සාමාන්‍ය දේවලටත් උමතු මට්ටමකින් දක්වන බය. උදාහරණ විදියට සමහරු නාන්න බය වෙන්න පුළුවන්, සමහරු අංක ගණිතයට බය වෙන්න පුළුවන්, සමහරු දීර්ඝ වචන වලට බය වෙන්න පුළුවන්, සමහරු තව කෙනෙක් හිනාවෙනවටත් බය වෙන්න පුළුවන්. ආන්න ඒ වගේ ෆෝබියා තියෙනවා නම් අපිට එදිනෙදා වැඩක් වත් හරියට කරගන්න බැරි තත්ත්වයක් එනවා. ආන්න එහෙම නම් වහාම මානසික වෛද්‍යවරයෙක් හෝ මානසික උපදේශකවරයෙක් මුණගැහෙන එක හොඳයි!

පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන

දැන් අපි යාලුවෙක්ගෙන් එහෙම ඇහුවොත් කොල්ලෙක් නිදාගන්න කලින් අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් මොනවද කියලා, ෂුවර් එකටම අපිට අහගන්න ලැබෙන්නේ “චූ කරලා නිදාගනින්” කියන එක තමයි. හැබැයි සිරා කොල්ලෙක්ට නම් ඊට වඩා නිදාගන්න කලින් කරන්න වුවමනා දේවල් තියෙනවා. මේ දේවල් ඇත්තටම සිරා කොල්ලෙක්ගේ ජීවිතේටත්, සෞඛ්‍ය සම්පන්න බවටත් වැදගත් දේවල්. ඇත්තටම සිරා කොල්ලෙක් කියන්නෙත් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන, තමන්ගේ වෘත්තිය ජීවිතේ, අධ්‍යාපන ජීවිතේ එක්ක පුද්ගලික ජීවිතේත් ගාණට සමබරව ගෙනියන ජාතියේ කොල්ලෙක්. ආන්න එහෙම කොල්ලෙක් නිදාගන්න කලින් කරන්න ඕන මොනවද කියලා තමයි මේ කියන්න යන්නේ!

1. දත් මදින්න ඕනෑ! – ඔව්, මේක හැමෝම දන්න කාරණාවක් තමයි. ඒත් අපිට ඒ කාරණාව ආයෙමත් කියන්න වෙන්නේ හේතුවක් ඇතුව. කොච්චර හැමෝම දන්න කාරණාවක් වුනත් රෑට නිදාගන්න කලින් දත් මදින්නේ කීයෙන් කී දෙනාද? හැබැයි මේ පුරුද්ද අනිවාර්යයෙන්ම ඇතිකරගත යුතු එකක්. විශේෂයෙන්ම තමන්ගේ දන්ත සෞඛ්‍යය හොඳින් පවත්වා ගන්න හිතනවා නම් දත් මැදලා නිදාගන්න එක යහපත් පුරුද්දක්!

2. මූණත් හෝදලා, ක්‍රීම් ගාලා – දැන් අහන්න එපා කෙල්ලෝ කරන එව්වත් අපිට කරන්න කියනවද කියලා. නිදාගන්න කලින් පොඩ්ඩක් මූණ කට හරි ඇඟපත හරි හෝදගන්න එක හොඳයි. ඉන් පස්සේ හොඳට පිහිදගෙන කරගෙන ඇවිල්ලා නයිට් ක්‍රීම් එකක් එහෙම මූණේ ගෑවට කමක් නෑ. ඇයි ඒ? මුහුණේ රැලි අනං මනං, කළු රවුම් අනං මනං නැති වෙලා සම පැහැපත් වෙලා තියෙන්න ඒක වැදගත්. ඒ වගේම වයස පේන එක පවා අඩු වෙනවා නයිට් ක්‍රීම් එකක් පාවිච්චි කරනකොට. තව ඕන තරම් ප්‍රයෝජන තියෙනවා නයිට් ක්‍රීම් එකක. ඕවා හදලා තියෙන්නේ කාන්තා පාර්ශවේට විතරක් නෙවෙයි. කොල්ලෙක් නයිට් ක්‍රීම් එකක් ගෑවා කියලා කොලුකම නැති වෙන්නෙ නෑ!

3. දවසේ මොනවද සිද්ධ වුනේ? – දවසේ සිද්ධ වුණු දේවල් ගැන සමාලෝචනයක් කරන්නත් හොඳම වෙලාව තමයි නින්දට යන්න කලින් රාත්තිරී වෙලාව. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වුණු වැඩකටයුතු ඒ විදියටම කරගන්න ලැබුණද, ඒ කටයුතු අතපසු වුනාද, තමන්ගේ ප්ලෑන්ස් අප්සෙට් ගියාද වගේ කාරණා ගැන හිතලා හරි ලියලා හරි සමාලෝචනය කරන්න පුළුවන්. එතනින් ඉවර නෑ. එහෙම අප්සට් ගියපු දේවල් තියෙනවා නම්, අතපහු වුණු දේවල් තියෙනවා නම් ඒකට හේතු කාරණාත් ඔය සමාලෝචනයටම ඇතුළත් වෙන්න ඕන. ඒක ලොකු උදවුවක් ඊලඟ දවස් වලදී වැඩ අප්සෙට් යන ප්‍රමාණය අඩු කරගන්න.දැන් ඔය ඩයරි ලියන ඈයෝ එහෙම ඉන්නවා නම් කෙලින්ම සමාලෝචනය ඩයරියේ කරන්න පුළුවන්. එහෙම නැතිනම් සමාලෝචනය හිතෙන් කරලා, දවසේ තොරතුරු ඩයරියේ ලියන්නත් පුළුවන්.

4. ඊලඟ දවසට ප්ලෑන්ස් – ඊලඟ දවස ප්ලෑන් කරන එකත් කරන්න වුවමනා අද දවස ඉවර වෙනකොටම තමයි. ඒකට හොඳම වෙලාව තමයි නින්දට යන්න කලින්. හැබැයි හෙට කරන්නේ මොනවද කියලා නිකම්ම හිතුවට හරියන්නෙ නෑ. ඒක තමන්ගේ නෝට්පොතේ ටු ඩූ ලිස්ට් එකක් විදියට හරියට ලියන්න ඕන. විශේෂයෙන්ම මෙතනදී තමන්ට ප්‍රායෝගිකව දවස ඇතුළතදී කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය විතරක් හරියට සැලසුම් කරගන්න එක වැදගත්. නැත්නම් තමන්ට තියෙන වෙලාව ඇතුළතදී වැඩ කරගන්න බැරි වුනහම හිතෙන්නේ තමන් අසාර්ථකයි කියලා.දැන් කරන්න ඕන වැඩ ටික පෙළ ගස්වා ගත්තට පස්සේ, ඒවා සිද්ධ වෙන්න ඕන ඕඩර් එකට ලිව්වත් කමක් නෑ. ඒ කියන්නේ ප්‍රමුඛත්වයේ පිළිවෙලට සහ වැඩ කරන්න හැකි ප්‍රායෝගිකත්වයේ පිළිවෙලට. උදාහරණයක් විදියට කිව්වොත්, බැංකුවට ගිහින්, ආයෙමත් එන පාරෙම තියෙන ෆුඩ් සිටියටත් ගිහින් එන එක තමයි ලේසි, දෙපාරකට ඔය වැඩ දෙකට යනවට වඩා.

5. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕන – නිදාගන්න කලින් හොඳ සුවබර නින්දක් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන දෙයක් තමයි ඔලුවේ පිරිලා තියෙන අනං මනං ඉවත් වෙලා, ඔලුව සැහැල්ලු වෙන එක. ඒකට කරන්න දේවල් ඕන තරම් තියෙනවා. සැහැල්ලුවෙන් කියවන්න පුළුවන් දෙයක් කියවන එක, හිතට දැනෙන සිංදුවක් දෙකක් අහන එක, ඩිෂුම් ඩිෂුම් නැති බොහොම ලයිට් ටීවී ෂෝ එකක් බලන එක, පොඩ්ඩක් භාවනා කරන එක වගේ ඕන තරම් දේවල් කරන්න පුළුවන්. එලියට ගිහින් රාත්තිරී ආකාසේ දිහා බලාගෙන හිටියත් හිත නිස්කලංක වෙනවා, ඔලුව සැහැල්ලු වෙනවා.හැබැයි එකක්, මේ පියවරට පැය එකහමාරක් යන වැඩක් කරලා හරියන්නෙ නෑ. ඊට පස්සේ නිදාගන්න වෙලාවක් ලැබෙන්නෙත් නෑ.

6. පොතක් පතක් කියෙව්වට කමක් නෑ – පොත් කියවන පුරුද්ද තියෙන සමහරු නිදාගන්න කලින් පොතක පිටුවක් දෙකක්වත් කියවන පුරුද්දක් තියෙනවා. ඇත්තටම ඇඳට ස්මාට්ෆෝන් එක අරගෙන ගිහිල්ලා ඒක ඔබ ඔබ ඉන්නවට වඩා මේක ඉතාම හොඳ පුරුද්දක්. එහෙම කියන්න විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ස්මාට්ෆෝන් එකේ තිරය නිසා අපිට නින්ද නැති වෙන්න පුළුවන්. ඒත් පොතක් කියවන එකෙන් ඇත්තටම නිදිමතක් ස්වභාවිකවම එනවා.හැබැයි තව හේතුවක්. නිදාගන්න වෙලාව ගැන අපි ඊලඟට කියනවා. එතකොට කියවන පොත මාරම රසවත් කියලා එළිවෙනකල් නිදිමරාගෙන කියවන්න ගිහින් හරියන්නෙ නෑ! ඒ නිසා හොඳම දේ තමයි බොහොම සැහැල්ලුවෙන් කියවන්න පුළුවන් පොතක් නිදාගන්න කලින් කියවන එක. මේක නිදාගන්න කලින් ඔලුව නිරවුල් කරගන්න වැදගත් වෙනවා.

7. වෙලාවට නිදාගන්න එක – මේ පොයින්ට් එක පොඩ්ඩක් අප්සෙට් වගේද? ඇයි නිදාගන්න කලින් කරන්න ඕන එව්වා ලියන ආටිකල් එකක වෙලාවට නිදාගන්න කියලා ලියන එක? ඇත්තටම නම් මෙහෙමයි. මනුස්සයෙක් නිදාගන්න ඕන අඩු තරමින් 10, 11 වෙනකොට වත්. උපරිම 12 වෙනකල් වෙලාව දෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා වෙලා පුරුද්දක් විදියට ඇහැරිලා ඉන්න එක කිසිසේත්ම හොඳ නෑ. ආන්න ඒ නිසා ඔය අපි කිව්ව වෙලාවලින් තමන්ට හැකි වෙලාවට ඇඳට යන්න. ඒ කියන්නේ ඔක්කොම වැඩ ඉවර කරලා ඇඳට යන්න. ඒ යනකොට කරුණාකරලා තමන්ගේ ස්මාට්ෆෝන් එක මේසේ උඩින් තියලා යන්න.ඇයි එතකොට ඕවා කෙල්ලන්ට කරන්න බැරිද? ඇයි කොල්ලන්ට විතරක් මෙව්වා ලියන්නේ? අන්න එහෙම අපෙන් අහලා යුද්ධ ප්‍රකාශ කරන නංගිලටත් කියන්න පණිවිඩයක් තියෙනවා. ඔයාලටත් මේවා කරන්න පුළුවන්. හැබැයි ඔයාලා නිදන්න යනකොට කරන දේවල් මෙතනින් නතර වෙන්නෙ නැහැනේ. ආන්න ඒ නිසා සිරා කෙල්ලෙක් නිදාගන්න කලින් කරන්න ඕන දේවල් අපි පස්සේ ලියනවා!

දැනගෙන ඉන්න ඕන දේවල්

හුරතල් පුංචි දරු පැටියෙක් හා හා පුරා කියල අරන් එනව කියන්නෙ කොයි ගෙදරකටත් සතුටු උල්පතක්නෙ ඉතින්. ගෙදර හැමෝම බලන් ඉන්නෙ අලුත් අමුත්තව ජයටම පිළිගන්න. හැමෝටම අලුත් බලාපොරොත්තුවක් අරන් ඔන්න චූටිය ගෙදරට ආවයි කියමුකෝ. දැන් තමයි යුද්ධෙ පටන් ගන්නේ. පුංචි පැටියෙක් මේ ලෝකෙට ගෙනත් උස මහත් කරනව කියන්නේ සුළු පටු රාජකාරියක් නෙමෙයි කියල හිතෙන්නෙ දැන් තමයි. මේ ලියන්න යන්නේ තමන්ගේ කුළුදුල් දරු පැටියා ගෙදරට අරන් එන්න මඟ බලන් ඉන්න අළුත් අම්මලා තාත්තලාට වැදගත් වෙන කාරණා ටිකක්.
1. බබාට කාමරයක් – ඔන්න අළුත් අම්මල තාත්තල කවුරු උනත් බබාට අඳින්න, බබාව හෝදන්න වගේම බබාගෙ වටපිටාවටත් තමන්ට පුළුවන් උපරිම දේවල්, ලස්සන දේවල් මිලදී ගන්න දෙපාරක් හිතන්නෙ නැහැනෙ. කාමරය ලස්සනට සරසලා පුංචි ලස්සන කොට් එකක් තියලා හැඩ කරන්නෙ ගොඩක් වෙලාවට තාත්තල තමයි. හැබැයි මෙන්න මේ කාරණයේදී අපි හිතන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි පුංචි බබා ඉන්න කාමරේ ලස්සනටත් වඩා පිරිසිඳුකම. හැඩ වැඩ කරන්න කලින් කාමරේ හොඳින් හෝදලා, මකුළු දැල් එහෙම කඩලා, තමන්ට පුළුවන් විදිහට පුංචි අළුත්වැඩියාවක් කරන්න. තීන්ත ටිකක් අලුතෙන් ගාන්න එහෙම පුළුවන්නම් ගොඩක්ම හොඳයි. කාමරයට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න ඕන නිසා අරින්න බැරි ජනේල එහෙම තියෙනවනම් ඒව අලුත්වැඩියා කරන්නත් මේක තමයි හොඳම වෙලාව. සිවිලිමක් ගහල නැති වහලෙකින් දුවිලි, කුණු, පොඩි පොඩි සත්තු වගේ වැටෙන්න පුළුවන්නම් තාවකාලිකව හරි සිවිලිමක් ගහගන්නත් බලන්න ඕනෙ.ඔන්න කාමරේ පිරිසිඳු කරගත්තනෙ. ඊළඟට සැරසිලි. පුංචිම කාලේ බබාලගේ විෂන් එක ඩිවලොප් කරන්න හොඳ කළු සුදු වර්ණ. ඒ නිසා කළු සුදු කඩදාසි වලින් කරපු පොඩි පොඩි සැරසිලි බබාට පේන තැන්වල එල්ලන්න. ඇහේ පෙනුම ටික ටික වර්ධනය වෙනකොට තමයි තද වර්ණ වලින් කරපු ලස්සන සැරසිලි ඕන වෙන්නේ.ඊළඟට ලොකුම දේ තමයි බේබි කොට් එක. හුඟක් අම්මලා කොට් එකක් ගත්තට බයටයි දුකටයි බබාව ඒකෙ තියන්නෙම නැහැ. ඉතින් අර කොට් එක කාලයක් යද්දි කාමරේට වදයක් වෙනවා. තවත් සමහරක් ඇඳේ හිටියොත් යටවෙයි කියල බයට කොට් එකම පාවිච්චි කරනවා පුංචිම කාලේ ඉඳන්. ඉතින් මේ කාරණාව අම්මයි තාත්තයි දෙන්නත් එක්ක කතා බහ කරලා තීරණයක් ගන්න ඕන. නිකං ආසාවට අරගෙන පස්සේ වදයක් වෙනවට වඩා උවමනාව බලලා බබා වෙනුවෙන් මිලදී ගන්න හැම දෙයක්ම තීරණය කරන්න.

2. අපේ පිරිසිඳුකම – බබා ගෙදරට ගෙනාවම ගෙදර කාටවත් ඉතින් වෙන රාජකාරියක්නම් ඇත්තේම නැති තරම්. දරු සුරතල් බලන එකම තමයි වැඩේ. විශේෂයෙන්ම සහෝදරයෝ අම්මලා තාත්තලා එකට ජීවත් වෙන පවුල් වල මුළු සෙනගම බබාගෙ කාමරේ. ඉතින් මේ කාරණේ ගැන හොඳටම සැලකිලිමත් වෙන්න ඕන. පුංචි බබාගෙ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තවම බාහිරින් එන අභියෝග හරියට අඳුරන්නේ නැහැ. ඒ නිසා අපිට වඩා පොඩ්ඩට විෂබීජ වලින් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් සම්භාවිතාව සෑහෙන්න වැඩියි. ඒ නිසා බබාගෙ ළඟ අනවශ්‍ය විදිහට සෙනඟ පිරෙන එක, නිතර නිතර බබාගෙ කාමරේට යන එන එක පුළුවන් තරම් අඩු කරන්න ඕනෙ. අනිත් එක තමයි යන කීපදෙනාගෙ උනත් පිරිසිඳුකම. නිතරම නාල පිරිසිඳු ඇඳුම් ඇඳල බබා ලඟට යන්න ඕන වගේම, බබාව අල්ලන, අතට ගන්න හැමවෙලාවකම හොඳින් අත් සෝදන්නත් අමතක කරන්න එපා.

3. බබාගෙ මල් වගේ අතපය – මේ චූටි පැටියගේ අතපය තාමත් මල් වගේ සියුම්. බාහිර පරිසරයට හරියන්න රළු වෙලා හැඩගැහෙන්න, අස්ථි පද්ධතිය ශක්තිමත් වෙන්න තව හුඟක් කල් යනවා. ඒ නිසා බබාව අල්ලද්දී, වඩාගනිද්දී හරිම පරිස්සම් වෙන්න ඕනේ. අම්මලා තාත්තලාටනම් මේ හැම දෙයක්ම ලස්සනට කියල දෙනවා ගමේ මාතෘ සායනයේදී. ඒ වගේම ගෙදර ඉන්න ආච්චිලා හොඳට දන්නවා පුංචි පැන්චොන්ව පරිස්සම් කරන හැටි. ඉතින් මෙන්න මේ කාරණේ ගෙදර ඉන්න හැමෝටම හොඳට කියල දෙන්න ඕන. බබා එක්ක තවම වැඩි සෙල්ලම් දාන්න බැහැ.

4. මව්කිරි දීම – ඔන්න දැන් අලුත් අම්මගේ පැත්තට හැරෙමු. මව්කිරි දීම කියන්නේ වෙනමම පාඨමාලාවක්. හැබැයි දැනගන්න ඕන මූලිකම කාරණාවන් කිහිපයකුත් තියෙනවා. දරුවා ඉපදිලා පළවෙනි පැය ඇතුළතදීම මව්කිරි දීම පටන් ගන්න ඕනේ. මේ වැඩේට සෑහෙන්න උපදෙස්, උදව් රයේ සායන වලිනුත් බබා ඉපදිලා ටිකට් කපන්න කලින් රෝහලෙනුත් ලැබෙනවා. හැබැයි ගෙදර ආවම තනියම අම්මා අතේ තමයි වැඩේ. චූටි පැටිය සම්පූර්ණයෙන්ම යැපෙන්නේ අම්මගේ කිරි වලින්නේ. ඒ නිසා මේ කිරිදීම හරිම අවධානයෙන් කරන්න ඕන. අනේ මට කිරි නැහැ, කිරි මදිද වගේ දේවල් හිතන්න එපා කිසිම වෙලාවක. අම්මගේ මානසික මට්ටම සෑහෙන්න බලපානව කිරි එරෙන්නත්. හරියට වෙලාවට හොඳින් පියයුරු පිරිසිඳු කරලා පැටියට කිරි පොවන්න. මව්කිරි දෙන අතරේ බබත් එක්ක හිනාවෙන, කතා කරන, ඇස් දිහා බලන් ඉන්න එක අම්මගෙයි බබාගෙයි සම්බන්ධය ශක්තිමත් කරන්න ලොකු උදව්වක්. කිරි එරීම, බබා කිරි උරාබීම ගැන මොකක්ම හරි ගැටළුවක් තියෙනවනම් කිරි දොවල බෝතලෙන් පොවන්න හරි පොඩි බබාලට දෙන පිටිකිරි වර්ගයක් වෛද්‍ය නිර්දේශය මත ලබාදෙන්න හරි පොඩ්ඩක්වත් පසුබට වෙන්න එපා. ඒකෙන් කිසිම වෙලාවක ඔයාව නරක අම්මා කෙනෙක් වෙන්නෙ නැහැ. කොහොමහරි දරුවා බඩගින්නෙ නොඉන්න එකයි වැදගත්.

5. පෙකෙණිවැල – පොඩි බබාලගේ වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන කරණා අතරින් ඉහලින්ම තියෙන තව කාරණාවක් තමයි මේ බබාගෙ පෙකණිය කියන්නෙ. කටුවත් එක්ක පෙකණියේ ඉතුරු කොටස හැලිල තුවාලෙ හොඳටම සුව වෙනකන් බොහොම පරිස්සමට බලාගන්න ඕනෙ. වතුර නොරැඳෙන්න හොඳින් තෙත මාත්තු කරලා වියලිව තියාගන්න ඕන. මොකද මේ තැන හරිම ලේසියෙන් ආසාදනයට ලක්වෙන්න පුළුවන්. මොකක්මහරි වෙනසක් තිබුනොතින් ඉක්මනින්ම වෛද්‍යවරයෙක්ට හරි පවුල් සෞඛ්‍ය නිලධාරීතුමියට හරි පෙන්නලා උපදෙසක් ලබාගන්න එක තමයි හොඳම දේ.

6. බබාට ගුඩුස් යවන හැටි – චූටි බබා කුක්කු බිව්වට පස්සේ අමාශයේ වාතය නොරැඳෙන්න ගුඩුස් යවන්න ඕනේ. නැත්තම් කිරි පිට උගුරේ ගිහින් හුස්ම ගැනීමේ ගැටළු වගේ ලොකු ලොකු දේවල් වෙන්න පුළුවන්. කිරි බීල ඉවර උනාම බබාගෙ බඩ හොඳින් තදවෙන විදිහට බබාව ටිකක් වෙලා වඩාගෙන ඉන්න ඕන මෙහෙම ගුඩුස් යවන්න. මේක හුඟක් අළුත් අම්මලා තාත්තලාට හරිම අමාරු වැඩක්. නූතන වෛද්‍ය විද්‍යාව අනුවනම් මේකට ආදේශන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි බබාව පුංචි කාලේ ඉඳන්ම ටමි ටයිම් (Tummy Time) එකකට හුරු කරන එක. ඒ කියන්නේ වැඩිහිටි කෙනෙකුගේ පූර්ණ නිරීක්ෂණය යටතේ බබා අවදිවෙලා ඉන්න වෙලාවක බඩ යටට හිටින්න මුනින් අතට බබාව සුළු වෙලාවක් තියන එක. මේකෙ වෛද්‍ය විද්‍යාත්මක වාසි ගොඩක් තියෙනවා. හැබැයි තවමත් රජයේ සායන වල වෛද්‍ය සහ පවුල් සෞඛ්‍ය නිළධාරීන් මේ ක්‍රම තරයේ ප්‍රතික්ෂේප කරනව. ඒ නිසා හොඳම දේ තමයි බබාව පෙන්නන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවනම් ඔහුගේ උපදෙස් මත පමණක් මේ දේවල් උත්සහ කරන එක.

7. බබාගෙ නින්ද – ඊළඟට බබාගෙ නින්ද. ඔන්න මේ අලුත ගෙදරට ආපු පුංචි බබා ඉන්නව නේද. එයා හරියටම කිව්වොත් හැඩයක් නැති පුංචි මැටි ගුලියක් වගේ. අපි තමයි තීරණය කරන්න ඕන මේ මැටි ගුලියෙන් ලස්සන දෙයක් හදනවද නැත්තම් ඔහේ මැටි ගුලියට ඕන හැඩයකට හැදෙන්න දෙනවද කියලා. බබා නිදියන්නේ නෑ කියල කල් ගිහින් මැසිවිලි නැගල වැඩක් නැහැ. පුංචිම කාලේ ඉඳන් බබාව රූටින් එකකට පුරුදු කරන එක අපේ වගකීම. අපි පොඩි කාලේ ඉඳන්ම බබාව කකුලේ දාගෙන පද්දල නිදි කරන්න හුරු කළොත් එයා ඒකට හුරු වෙනවා. එහෙම නැතුව තනියම නිදාගන්න හුරු කළොත් ඒකට හුරුවෙනවා. ඒ වගේ බබාගෙ නිදියන ක්‍රමය, වෙලාව මුල ඉඳන්ම තීරණය කරලා එයාව ඒකට හුරු කරන එක අලුත් අම්මලා තාත්තලාට පැවරෙන තවත් එක අභියෝගයක්.

බලන්න ඔයාගේ ඔෆිස් එකෙත් මේ වගේ චරිත ඉන්නවද කියල

ඔෆිස්වල ඉන්න අමුතු කැරැක්ටර් ගැන අපි ඇති තරම් කතා කරලා තියෙනවා. සමහරු ඒවට තවත් අයව ටැග් කරලා පොඩි ෆන් එකක් අරගෙනත් තියෙනවා. හැබැයි අපි මේ කියන්නෙ නං එහෙම ටැග් කරන්න පුළුවන් පෝස්ට් එකක් නෙමෙයි. මේක කරන මිනිස්සුන්ට තරමක් ලැජ්ජා සහගත කාරණයක් වෙන්න පුළුවන් නිසා මේකට ටැග් කරන එක හරි මදියි. ඒ නිසා මේක ඕනනං ඒ අයට පේන්න ෂෙයා කරන්න පුළුවන්. ඔෆිස් එකේ ඉන්න සහ ඔෆිස් එකට අලුතෙන් එන කාන්තා චරිත නිසාම බිහිවෙන අමුතු පිරිමි චරිත බොහෝමයක් ඉන්නවා. ඔෆිස් එකට අලුතෙන් එන ගැහැනු ළමයි නිසා බිහිවෙන අමුතුම කාන්තා චරිතත් තියෙනවා. අපි ඒ ගැන පසුවට කතා කරමු. මේ කියන්න යන්නෙ කාන්තා පාර්ශවේ නිසා ඔෆිස් ඇතුළෙ බිහිවෙන හිතාගන්න අමාරු පිරිමි චරිත ගැන. හිතාගන්න අමාරු කට්ටිය ගැන ඉන්ට්‍රො එකක් ලියන එක වගේම ඒ අයව හඳුන්වන එකත් අමාරු වැඩක් වුනත් අපි ඒක කරන්නෙ එහෙම අය ගැනත් කවුරුහරි කතා කරන්න ඕන නිසාමයි.

1. හෙල්පිං හෑන්ඩ් – හෙල්පිං කියන වචනෙ දැක්ක ගමන් තම තමන්ගෙ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලයිෆි එකට ගහන්න ලෑස්ති වුනානං ඒ කේන්තිය පොඩ්ඩකට පැත්තකින් තියන්න. මේ කියන්න යන්නෙ ඔෆිස්වල ඉන්න කාන්තා පාර්ශවේට නිරන්තර උදවු කරන අයියලා ගැන. අංකල්ලා වුනත් ඉතිං ඒ වෙලාවට අයියලානෙ. මේ අය උදවු කරන්න අවස්ථාවක් ලැබෙනකං බලාගෙන ඉන්නෙ. කොටිම්ම තමුන්ගෙ අනිත් කාර්යාල සගයා පරදා උදවු කරන්න බලාගෙන ඉන්නෙ. ඔෆිස් එකට අලුතෙන් ආපු නංගියෙකුටනං මේ උදවුව වැඩියි. මොකද එතනින් යාලුකමක් හදාගන්න පුළුවන්නෙ. සාමාන්‍යයෙන් කෙල්ලෙකුට මේ විදියට උදවු කරද්දි අහන්න වෙන කතා ප්‍රමාණයත් වැඩියි. සමහරවිට ගෑනු ළමයම ඇවිත් කතා කරලා​ කෙනෙකුගෙන් උදවුවක් ඉල්ලුවොත් ඒ කෙනාට එල්ල වෙන ඊරිසියා ප්‍රහාර ප්‍රමාණයත් වැඩියි.

2. හිත හොඳ මැම්බර් – මේ කියන්නෙ ලොක්කො ගැන. ඩිපාට්මන්ට් ලොක්කො, ඩෙස්ක් ලොක්කො, ටීම් ලොක්කො වගේම ඊට ඉහළින් ඉන්න පරිපාලන ලොක්කොත් මීට ඇතුළත්. සාමාන්‍යයෙන් ලොක්කො කියන්නෙ නිවාඩු නොදෙන, බනින, මරව මරව වැඩ ගන්න, පඩි වැඩි නොකරන, බුරුලක් නොපෙන්වන, ඔරවගෙන ඉන්න, ක්‍රෙඩිට් තමුන්ට දාගෙන වැරදි සේවකයන් පිටේ පටවන මහා නරුම නරකම ජාතියක් කියලනෙ සමජයේ මතය තියෙන්නෙ. ඔෆිස් එකට අලුතෙන් කෙල්ලෙක් ආපු ගමනුත් මේ අදහසම එයාගෙ ඔලුවට වැටෙන එක නවත්තන්න බැහැනෙ. අන්න ඒ නිසාම ඔෆිස් ඇතුළෙ බොසාලා අර ගෑනු ළමයට විතරක් තමන් තරං හොඳ ලොක්කෙක් නැති බව පෙන්වන වැඩ සිද්ධ කරනවා. ජීවිතය ජයගන්න උපදෙස්, අපහසුතා ගැන සොයා බැලීම්, රැකියාව පහසුවෙන් කරන්නේ කෙසේද? රැකියාවෙන් ජීවිතයට, ජීවිතයෙන් රැකියාවට වගේ අංශ එයාලා කියලා දෙන්න ගොඩක් වෙලාවට උත්සාහ කරනවා.

3. කරෙයිනගර් – කරෙයිනගර් කියන්නෙ යුද්ධෙ කාලෙ කියවෙච්ච නමක්නෙ. මේ කියන්නෙ ඒ කරෙයිනගර් ගැන නෙමෙයි. මේ කියන්නෙ කරේ නගින පිරිමි පාර්ශවේ ගැන. මෙයාලා කරන්නෙ අතිශය ෆිට් එකක් හදා ගැනීම. කිසිම වෙනසක් නොපෙන්වා කන්න බොන්න, විහිළු තහළු කරන්න, යන්න එන්න හේතු හදාගන්න මෙයාලා ඒ ෆිට් එක පිටින්ම පහක් දාන්න, කරට අත දාන්න වගේ තැනකට එනව. හැබැයි ඉතිං මේ කරෙයිනගර් ඈයො එතනින් නවතින්නෙ නෑ. එයාලා ඊටපස්සෙ ෂේප් එකේ එන්නෙ ඇඟ පත අත ගාන මෝඩ් එකට. අර ටික ඔක්කොටම ඕකේ පිට ඉඳලා මේකෙදි එක පාරටම බෑ කියන්න බැරි නිසා ගොඩක් ගෑනු ළමයි මේ තැනදි අසරණ වෙනවා.

4. ජෝක්ස් – ජෝක්ස් කියන්නෙ ගෑනු ළමයින්ට ලංවෙන්න එයාලව හිනස්සන්න පාවිච්චි කරන්න පුළුවන් ලේසිම දෙයක්නෙ. මේවට සරිලන ඕන තරං ජෝක්ස් අවට වටපිටාවෙන් හොයාගන්නත් පුළුවන්නෙ. අපි මේ කියන ඈයො ගෑනු ළමයින්ට විතරයි ජෝක්ස් දාන්නෙ. ඒ වගේම එයාලා ගෑනු ළමයි සෙට් එකක් ඉන්න තැනක විතරයි සභ්‍ය ජෝක්ස් දාන්නෙ. ගෑනු ළමයෙක් තනි වුනාම මෙයාලා දාන ජෝක්ස්වල තරමක අසභ්‍ය ගතියක් හෝ සම්පූර්ණයෙන්ම අසභ්‍ය වෙන්නට තියෙන ඉඩ හොඳටම වැඩියි. ඒ උත්සාහය රජ වෙන්න නොවුනත් එයාලා ලේසියෙන් අතාරින්නෙ නං නෑ.

5. ෂෝ ඕෆ් – මේක නං දකින්න පුළුවන් ඔෆිස් එකට අලුතෙන් ගෑනු ළමයෙක් ආපු කාලෙට විතරයි. ඒ වගේම ඒ ගෑනු ළමයත් ඇත්ත තත්ත්වෙ දැනගන්නකං විතරයි. මේ කාලෙට ඔෆිස් එකේ බිහි වෙනවා අමුතුම ප්‍රාණියෝ පිරිසක්. ඒ අය ඒ කාලෙට පුදුම වැඩ කන්දරාවක් කරන්නෙ. හැමෝටම උපදෙස් දීලා, වැරදි හරි ගස්සලා, කොටිම්ම ලොක්ක එක්කත් වෙනදට වඩා කිට්ටු හිතමිත්‍රකම් පෙන්නන්න මෙයාලා පෙළඹෙනවා. ඒ ඉතිං මෙයාලගෙ හැටි. කල් යද්දි අනිත් අය දැනගන්නව මෙයාලත් ඉතිං අනිත් අය වගේම නියුට්‍රල් ඩයල්ස් කියල.

6. ලොක්කි මගේ – ඔෆිස් එකේ කාන්තා පාර්ශවේ ගැන කතා කරද්දි ලොක්කියො ගැනත් විශේෂයෙන්ම සඳහනක් නොකර බැහැ. ලොක්කි​යො කියන්නෙත් ලොක්කො වගේම අමුතුම ප්‍රාණියොනෙ. එයාලටත් ලොකුවට ගොට්ට අල්ලන අය ඉන්නව. එයාලගෙ වටේ වැඩිපුර ඉන්නෙ කාන්තා පාර්ශවේ වුනාට ලෝකෙට නොපෙනෙන්න එයාලටත් වැඩිපුර ගොට්ට අල්ලන්නෙ පිරිමි පාර්ශවේම තමයි. මෙවුව ඉතිං ලේසියෙන් කියල නිම කරන්න බැරි පිරිසිදු දේශපාලනේ. සමහර ලොක්කියොන්ට ගොට්ට අල්ලන පිරිමි අනිත් ලොක්කියො නොවන කාන්තාවොන්ව ගණන් ගන්නෙත් නැති තරං.

7. හියුලා සහ ඩෑන්ලා – මේ ලෝකෙ ස්ත්‍රී ලෝලී කොයි පිරිමියත් හිත යටින් ආසයි තරුණ කාලෙ ඩෑන් බිල්සේරියන් වගේ ඉන්න. එහෙමත් නැත්තං හියු හෙෆ්නර් වගේ වයසට ගියත් සැපේ කෙල්ලො එක්ක ඉන්න. ඔෆිස්වලත් ඉන්නව කටින් මේ වගේ චරිතවලට ආරූඪ වෙලා කතා කියලා බතල හිටවන අය. එයාලා හිතන්නෙ එයාලාට ගොඩක් ගෑනු ඉන්න නිසා අනිත් ගෑනුත් එයාලගෙම තමයි කියලයි. අන්න ඒ නිසා මං අතනට යද්දි අතන කෙල්ලෙක්, මෙතනට යද්දි මෙතන කෙල්ලෙක්, කොහෙද ඉතිං දැන්ම කසාද බඳින්න බෑ බං කීයක් කියලද? වගේ ටෝක්ස් දෙන. කෙල්ලො ඉතිං ඇත්ත දන්න නිසා ඔහොම බුවාලා දිහා එක පාරක් බලල අහක බලාගන්නව. ටික දවසක් යද්දි හියු හෙෆ්නර් ඉන්නව දෙපතුළ මුල. ඩෑන් බිල්සේරියන් අත කපාගෙන.