මහා තරගයට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.ඒ, පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 18ක ජයක් වාර්තා කිරීමත් සමගයි.මැන්චෙස්ටර් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 239ක් ලබා ගත්තා.රෝස් ටේලර් ලකුණු 74යි.පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් කඩුලු 3ක් බිද හෙලුවා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි.ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 5කට බිද වැටුණා.ඉනිමේ හත් වන කඩුල්ලට ලකුණු 116 සබදතාවයක් ගොඩ නැගීමට මහේන්ද්‍ර සිං දෝනි සහ රවීන්ද්‍ර ජඩේජා සමත් වුවත් තරගය ජය ගැනීම සදහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 77යි.දෝනි ලකුණු 50කට දුවද්දී දැවී ගියා.පන්දු යැවීමේ දී මැට් හෙන්රි කඩුලු 3ක් බිද හෙලුවා.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමකට හෝ පුහුණු සංචිතයකට අනියුක්ත කිරීමට අදහස් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ලන්ඩන් නුවරදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ප්‍රදර්ශනය කළ පසු බෑම නිසා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුඵ සියලුම පුහුණුකරුවන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක, පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ජෝන් ලුවිස් යන මහත්වරු ද ඒ අනුව ඉවත්කිරීමට නියමිතය.“ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට ගෙවන වැටුපට ප්‍රතිලාභයක් නැත්නම් තියාගෙන වැඩක් නෑ. හතුරුසිංහට අපි මීට පෙරත් මේක කියලා තියෙනවා. අපි පාලකයන් ලෙස ඒ තීරණය ගන්න වෙනවා. නැත්නම් ජනතාව අපිටයි දොස් කියන්නේ”“හතුරුසිංහ මහත්මයා ඉවත්වෙන්නේ නෑ කියනවා නම් අපිට විකල්ප තියෙනවා. අපි ඔහුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එසේ නැත්නම් ඇකඩමියට දානවා. නැත්නම් වෙන මොනවා කරන්නද?”ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පෙරේදා (08) නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී හතුරුසිංහ මහතා පවසා තිබුණේ තමන්ට තවත් මාස 16 ක කාලයක් ඉතිරිව ඇති බවත් ඒ වන තෙක් ඉවත් වීමට අදහස් නොමැති බවත්ය.“හතුරුසිංහ සහ ක්‍රිකට් ආයතනය අතර ගිවිසුමක් තියෙනවානේ. එහි ක්‍රිකට් ආයතනයටත් බලතල තියෙනවා” යැයි ක්‍රිකට් ආයතනයේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.මීට පෙර දකුණු අප්‍රිකානු සංචාරයක් අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතාගේ සේවය අවසන් කිරීමේ අදහසින් ඒ මහතා හිටි හැටියේ ශ්‍රී ලංකාවට කැඳවුවද පසුව එම තීරණය අතහැර දැම්මේය.එහිදී ක්‍රිකට් ආයතනය පැවසුවේ ලෝක කුසලාන තරගාවලිය සැළසුම් කිරීමට හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට ගෙන්වාගත් බවයි.හතුරුසිංහ මහතා 2018 වසරේ ජනවාරි මස සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඒ මහතාගේ සේවා ගිවිසුම 2020 වසරේ දෙසැම්බර් මස අවසන් වීමට නියමිතය.

වාර්තාවක් එළියට

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රගති වාර්තාවක් එළිදක්වා තිබෙනවා. එහි දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකා පිළ තරගාවලියට එක්වූයේ අස්ථාවර කණ්ඩායමක් ලෙසින් බවයි.නවක නායකයෙකු සහ කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු කලකට පසු එක්දින සංචිතයට එක්වීම ඊට හේතු ලෙස දක්වා තිබුණා. කෙසේවෙතත් ලෝක කුසලානයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සාධනීය කරුණු දෙකක් අදාළ වාර්තාවෙන් අනාවරණ කර තිබෙනවා. එක් කරුණක් වන්නේ තවමත් 21 වන වියේ පසුවන අවිශ්ක ප‍්‍රනාන්දුගේ දක්‍ෂතායි. එමෙන්ම ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් වන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ දක්‍ෂතාද එහිදී අගය කර තිබෙනවා.ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් බිද හෙළා ඇත්තේ කඩුළු 30 ක් පමණයි. ඒ සඳහා පන්දුවාර 219 යි පන්දු 3 ක් වැය කර තිබෙනවා. එහෙත් ඕස්ටේ‍්‍රලියාවේ මිචෙල් ස්ටක් එම පන්දුවාර සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණක් යවමින් කඩුළු 26 ක් බිද හෙළා ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකු අතර ලකුණු සියයක සබඳතා ගොඩනැගී ඇත්තේ අවස්ථා 2 කදී පමණයි. එහෙත් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පමණක් එවැනි සබදතා 4 ක් ගොඩනගා ඇති බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ප‍්‍රගති වාර්තාවෙහි සඳහන්ව ඇත්තේ.ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුල්ලක් ලකුණු 26.14 ක සාමාන්‍යයක් තුළ බිද වැටී තිබෙනවා. එසේ ගත් කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමට සියළු දෙනා දැවී තරගයකදි රැස් කර ගත හැකි සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 261 ක්. එය තරග ජයග‍්‍රාහී ලකුණක් නොවන බවද ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වැඩිදුරටත් පවසනවා.

අම්මලාගේ අවදානය පිණිසයි

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිඟිත්තන් අතර මේ රෝගය වේගයෙන් පැතිරෙමින් පවතිනවා.උන සහ උගුරේ වේදනාව සමග ආරම්භ වන මේ රෝගය පසුව ශරීරය පුරා කුඩා දියපොක්කලම් වලින් සැදුනු කුෂ්ඨ රෝගයකින් කෙලවර වෙනවා.විශේෂයෙන් කූෂ්ඨය කටේ ,අල්ලේ ,යටි පතුලේ ,දනහිසෙ , තට්ටම් වල සහ වැලමිට ආදී ස්තානවල වැඩිපුර දකින්නට පුලුවන් මේ රෝගය ඇතිකරන්නේ විවිධ වෛරස වර්ග වලින්.ඉන් ප්‍රධාන වන්නේ, coxsackievirus A16 සහ Enterovirus 71 නමැති වෛරස් වර්ග දෙකයි.coxsackievirus A16 මගින් ඇතිවන රෝගය උන සහ කුෂ්ඨ තත්ත්වය පමණක් ඇති සුලු රෝග තත්වයක් වුනත් Enterovirus 71 මගින් ඇති කරන රෝගය මෙනින්ජයිටිස් සහ එන්කෙෆලයිටිස් වැනි සංකූලතා ඇතිකිරීමට ඉඩ තියෙනවා .ලංකාවෙ මේ දිනවල පැතිරයන රෝගය බොහෝවිට ඉහත සුලු රෝග තත්වය වෙන්නට ඉඩ තිබෙනවා.මේ සම්බන්ධව වසංගත විද්‍යා අංශ වාර්තාවක් නම් තාම කියවන්න ලැබුනේ නැහැ.මේ රෝගය පැතිරෙන්නේ බොහෝවිට ඉතා කුඩා දරුවන් අතරයි.අවුරුදු 5 ට අඩු දරුවන් කිව්වොත් නිවැරැදියි .ඒත් කලාතුරකින් ලොකු දරුවන් සහ වැඩිහිටියන් අතරත් දක්නට පුලුවන් .

මෙය පැතිරීම සිදුවන්නේ රෝගියෙකුගෙ කෙල ,බ්ඳිති, කුෂ්ඨ ස්‍රාව වලින්.රෝගියෙකු ලඟ සිටීමෙන් ,ස්පර්ශ කිරීමෙන් භාන්ඩ එකට පරිහරණය කිරීමෙන්ද මෙය පැතිරෙනවා.විශේෂයෙන්ම අපිරිසිදු අත් වලින් මෙය බෝවෙනව.රෝගය වැළඳිලා මුල් සතියක් පුරා රෝගියෙකුගෙන් තව කෙනෙකුට රෝගය බෝවෙන්න පුලුවන් .මේ රෝගයට විශේෂ ප්‍රතිකාර හෝ එන්නත් දැනට නැහැ.එහෙත් වේදනාව උගුරේ අපහසුතා , උන සමනය කිරීමට යම් යම් ඖෂධ භාවිතා කරන්න පුලුවන් .රෝගීන් විවේකයෙන් සිටීම හොඳින් දියර බීම සහ ආහාර ගැනීම වැදගත් .රෝගය පැතිරීම වලක්වන්නෙ කොහොමද ?1. රෝගීන් අනෙක් දරුවන්ගෙන් ඈත් කොට තැබීම. විශේෂයෙන්ම හොඳින් සුවවන තුරු ඔබේ දරුව පෙරපාසල් හෝ පාසල් නොයවන්න.2.රෝගීන් පරිහරණය කරන තුවා,කෝප්ප,හැඳි වැනිදේ නිරෝගී දරුවන් වෙනුවෙන් භාවිතා නොකරන්න.3.පොලට ,රෝහලට ,පාසලට හෝ බසයේ ගියවිට දරුවාව ඇල්ලීමට පෙර හොඳින් සබන් යොදා අත්පා සෝදාගන්න.මක්නිසාද ඔබේ අත්වල මේ වෛරස තැවරී තියෙන්න පුලුවන් නිසාඅධික උන වමනය හෝ කුෂ්ඨ තත්ත්වය ඉතා උඝ්‍ර ලෙස ඇත්නම් ලඟම රෝහලට ගොස් වෛද්‍යවරයකු හමුව අවශ්‍ය උපදෙස් ගන්න.මෙය දැනුවත් කිරීමට ඔබත් සහයෝගය වශයෙන් share කරන්න – උපුටා ගැනීමකි

ඉල්ලා අස්වෙන්න එපා

“ඉදිරියේදී මැතිවරණ කිහිපයක් පැවැත්වීමට ඇති බැවින්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන්න එපා” යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිෂන් සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගමැතිවරයා හමුවූ අවස්ථාවේ මෙම ඉල්ලීම කර තිබෙනවා.මෙම හමුවීම, පාර්ලිමේන්තු සංකීර්ණයේ අගමැතිවරයාගේ කාර්යාලයේදී සිදුවී තිබෙනවා.පළාත් සභා ඡන්ද විමසීම පවත්වන්නේ නැති නම්, තමා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවත්, කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් තවදුරටත් කටයුතු කරන බවත් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළා.මෙහිදී එම ප්‍රකාශය ගැන සාකච්ඡා වී ඇති අතර ඉදිරියේදී මැතිවරණ කිහිපයක් පැවැත්වෙන බැවින්, එම මැතිවරණ මහින්ද දේශප්‍රිය මහතාගේ නායකත්වයෙන් සිදුවිය යුතු බව අගමැතිවරයා අවධාරණය කළ බව දැනගන්නට තිබෙනවා.මහින්ද දේශප්‍රිය මහතා අත්දැකීම් ඇති පළපුරුදු නිලධාරියකු බැවින්, විශාල කාර්යභාරයක් තිබෙන බැවින් තනතුරෙහි තවදුරටත් රැඳී සිටින ලෙස අගමැතිවරයා ඉල්ලා තිබෙනවා. – ජේ.ටී.සිල්වා

ණය ගෙවන්න කරන්න යන දේ

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීම නතර කිරීමත් සමඟ පසුගියදා දිවයිනේ ප්‍රදේශ රැසකට නොදන්වා විදුලි කප්පාදුවක් සිදුකළා. ලංකා විදුලිබල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාව විසින් ලබා දී තිබෙන ණය සීමාව රුපියල් බිලියන 80ක් වන අතර එම ණය සීමාවද ඉක්මගොස් තිබීම හේතුවෙන් මෙලෙස විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා දීම නතර කිරීමටයි තෙල් සංස්ථාව තීරණය කර තිබුණේ.කෙසේ වෙතත් හිඟ ණය මුදල ගෙවීම සම්බන්ධයෙන් මතු වූ එකගතාවයක් හේතුවෙන් ඊයේ (09) දිනයේ ලංකා විදුලිබල මණ්ඩලයට යළි ඉන්ධන ලබා දීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.ඒ අනුව රුපියල් බිලියන 80 ක ණය එකවර ගෙවා දමන්නේ කෙසේදැයි විදුලිබල අමාත්‍යංශයෙන් අප කළ විමසීමකදී එහි ලේකම් සුරේන් බටගොඩ කියා සිටියේ සම්පූර්ණ ණය මුදලින් කොටසක් හෝ පියවීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා බැංකුවකින් යළි ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර ඇති බවද විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළා.පවතින එකඟතා මත මේ වනවිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකිදැයි විදුලිබල අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධනගෙන්ද අප විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ රුපියල් බිලියන 15ක ණය මුදලක් ලබා ගැනීමට මේ වනවිට තීරණයක් ගෙන ඇති බවයි. හිඟ ණය මුදල යම්තාක් දුරකට හෝ පියවීමෙන් පසු විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන, ඛණිජ තෙල් සංස්ථාව අඛණ්ඩව ලබාදෙනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කළා.

පින්නදූව හුවමාරුවේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුමේ ඉදිකර ඇති බුදු පිළිමය එම ස්ථානයෙන් ඉවත් කිරීමට ලැබුනු බව කියන නියෝගයක් මුල් කරගනිමින් ඊයේ (08) රාත්‍රියේ පින්නදුව පිවිසුමේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබුණා.එම ස්ථානයේ ඉදිකර ඇති බුදු පිළිමය ඊයේ (08) මධ්‍යම රාත්‍රියට පෙර ඉවත් කිරීමට නියෝගයක් ලැබී අතැයි පවසමින් භික්ෂුන් වහන්සේලා, ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් ඊයේ සවස 07.00 ට පමණ එම ස්ථානයේ විරෝධතාවයක නිරත වූ අතර අදාළ ස්ථානයට විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා තිබුණා. අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති සේන කළහෙවත්ත ඇතුළු මන්ත්‍රිවරුන් හා ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන විහාරාධිපතිවරුන් ඇතුළු ස්වාමීන් වහන්සේලා 40 ක පමණ පිරිසක් එම ස්ථානයට රැස්ව සිටි අතර එහිදී අදහස් දැක් වු විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස් පවසා සිටියේ මාර්ග සංවර්ධන විෂය භාර අමාත්‍යවරුන්ගේ උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් අදාළ බුදුපිළිමය 08 වැනි දින රාත්‍රි 12.00 ට පෙර ඉවත් කරන ලෙස දැනුම් දී ඇති බවත් එවැන්නක් සිදු කරන්නේ නම් තමන් දිවිහිමියෙන් ඒ සදහා කැපවෙමින් මෙය ආරක්ෂා කරන බවත්ය..කෙසේ වෙතත් පසුව දුරකතනය ඔස්සේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාරට සහ විරෝධතාවයේ යෙදී සිටි ස්වාමීන්වහන්සේලා ඇතුළු පිරිසට කියා සිටියේ කිසිසේත්ම බුදු පිළිමය එම ස්ථානයෙන් ඉවත් නොකරන බවයි. එසේම එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි ද කියා සිටියේ බුදු පිළිමය ඉවත් නොකරන බවයි.

වෙන තැනක් අහෝ මෙවන් විපතක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කර වෙනත් කණ්ඩායමකට හෝ පුහුණු සංචිතයකට අනියුක්ත කිරීමට අදහස් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ලන්ඩන් නුවරදී ‘ලංකාදීප’යට පැවසීය.එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ප්‍රදර්ශනය කළ පසු බෑම පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුඵ සියලුම පුහුණුකරුවන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තීරණය කර තිබේ.වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක, පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ජෝන් ලුවිස් යන මහත්වරු ද ඒ අනුව ඉවත්කිරීමට නියමිතය.“ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට ගෙවන වැටුපට ප්‍රතිලාභයක් නැත්නම් තියාගෙන වැඩක් නෑ. හතුරුසිංහට අපි මීට පෙරත් මේක කියලා තියෙනවා. අපි පාලකයන් ලෙස ඒ තීරණය ගන්න වෙනවා. නැත්නම් ජනතාව අපිටයි දොස් කියන්නේ”හතුරුසිංහ මහත්මයා ඉවත්වෙන්නේ නෑ කියනවා නම් අපිට විකල්ප තියෙනවා. අපි ඔහුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එසේ නැත්නම් ඇකඩමියට දානවා. නැත්නම් වෙන මොනවා කරන්නද?”ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පෙරේදා (08) නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී හතුරුසිංහ මහතා පවසා තිබුණේ තමන්ට තවත් මාස 16 ක කාලයක් ඉතිරිව ඇති බවත් ඒ වන තෙක් ඉවත් වීමට අදහස් නොමැති බවත්ය.“හතුරුසිංහ සහ ක්‍රිකට් ආයතනය අතර ගිවිසුමක් තියෙනවානේ. එහි ක්‍රිකට් ආයතනයටත් බලතල තියෙනවා” යැයි ක්‍රිකට් ආයතනයේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මීට පෙර දකුණු අප්‍රිකානු සංචාරයක් අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතාගේ සේවය අවසන් කිරීමේ අදහසින් ඒ මහතා හිටි හැටියේ ශ්‍රී ලංකාවට කැඳවුවද පසුව එම තීරණය අතහැර දැම්මේය.එහිදී ක්‍රිකට් ආයතනය පැවසුවේ ලෝක කුසලාන තරගාවලිය සැළසුම් කිරීමට හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට ගෙන්වාගත් බවයි.හතුරුසිංහ මහතා 2018 වසරේ ජනවාරි මස සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ඒ මහතාගේ සේවා ගිවිසුම 2020 වසරේ දෙසැම්බර් මස අවසන් වීමට නියමිතය.

ජය හිමිවන කණ්ඩායම මෙන්න

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන විට අතිරේක දිනයේදීත් පැවැත්වීමට සිදුව තිබෙනවා.ඒ, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන්.ඒ අනුව අද දිනයේ දී (10) තරගය, නවසීලන්ත ඉනිමේ නතර කළ ස්ථානයේ සිට එනම්, පන්දුවාර 46.1 සිට ආරම්භ වනු ඇති.තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වනවා.මෙතෙක් තරගයේ කිසිදු පන්දුවාරයක් කපා හැරීමට තීරණය කර නොමැති අතර, අද දිනයේ පවතින කාළගුණ තත්ත්වය අනුව පන්දුවාර පනහම ක්‍රීඩා කළ හැකි වනු ඇත්ද යන්න තීරණය වනු ඇති.තරගයේ ප්‍රතිපලයක් ලබා ගැනීමටනම් ඉන්දීය කණ්ඩායම අවම වශයෙන් පන්දුවාර 20ක් ක්‍රීඩා කළ යුතුයි.එසේ නොමැතිව අද දිනයේ දී ද තරගය නිසි ලෙස පැවැත්වීමට නොහැකි වුවහොත්, මෙම තරගයේ ජය හිමිවන්නේ ඉන්දීය කණ්ඩායමටයි.ඒ, මූලික වටයේ දී ඔවුන් නවසීලන්තයට වඩා ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් පසුවීම හේතුවෙන්.මේ අතර, මෙම තරගය නැරඹීම සදහා මිලදී ගත් ප්‍රවේශ පත්‍ර අතිරේක දිනයට ද වලංගුයි.කෙසේ වෙතත්, ඔවුන්ට අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට හැකියාවක් නොමැති නමුත් ඒවා ප්‍රදානය කළ හැකි බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

එකටත් නෑ

ලසිත් මාලිංග එළඹෙන තරඟ සඳහා සහභාගී වනවාද නැද්ද යන්න ගැන මේ දවස් වල දැඩි කතා බහක් ඇති වුණා.මේ අතරේ ලසිත් මාලිංග තමාගේ t a එකේ පණිවුඩයක් සටහන් කරමින් පවසා ඇත්තේ මින් ඉදිරියට තමන් කිසිඳු ලෝක කුසලාන කණ්ඩායමක ක්‍රීඩා නොකරන බව පවසා තිබෙනවා.කෙසේ වුනත් ක්‍රීඩා ලෝලීන් ගේ අදහස් වෙන්නේ තවත් ලසිත් මාලිංග ක්‍රීඩා කලයුතු බවයි.නමුත් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පැවසුවේ ලසිත් මාලිංග 20 ලෝක කුසලානයට ක්‍රීඩා කරන බවයි.එත් ඇත්තටම මේ තීරණය කොයි වගේ වෙනසක් ඇති කරයිද කියලා ඇත්තටම කියන්න දන්නේ නෑ.