මහා තරගයට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.ඒ, පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 18ක ජයක් වාර්තා කිරීමත් සමගයි.මැන්චෙස්ටර් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 239ක් ලබා ගත්තා.රෝස් ටේලර් ලකුණු 74යි.පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් කඩුලු 3ක් බිද හෙලුවා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි.ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 5කට බිද වැටුණා.ඉනිමේ හත් වන කඩුල්ලට ලකුණු 116 සබදතාවයක් ගොඩ නැගීමට මහේන්ද්‍ර සිං දෝනි සහ රවීන්ද්‍ර ජඩේජා සමත් වුවත් තරගය ජය ගැනීම සදහා එය ප්‍රමාණවත් වූයේ නැහැ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 77යි.දෝනි ලකුණු 50කට දුවද්දී දැවී ගියා.පන්දු යැවීමේ දී මැට් හෙන්රි කඩුලු 3ක් බිද හෙලුවා.